තෙල්දෙණිය සභාපතිගේ කැබ්රිය මෝටර් රථයක ගැටී තිදෙනෙක් රෝහලේ

81

තෙල්දෙණිය නගරයේදී පසුගියදා සිදුවූ රිය අනතුරකින් තිදෙනකු තුවාල ලබා තෙල්දෙණිය දිස්ත්‍රික් මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති බව තෙල්දෙණිය පොලිසිය පවසයි.

මැදදුම්බර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට අයත් නිල කැබ් රථය හා කාරයක් මෙලෙස අනතුරට ලක්වී ඇත. මහනුවර – මහියංගණය ප්‍රධාන මාර්ගයේ දී මෙම අනතුර සිදුව ඇත. මෝටර් රථය මහනුවර දෙසට ගමන් කරමින් තිබියදී අදාළ කැබ් රථය මහනුවර සිට මහියංගණය දෙසට ගමන්කොට ඇති බව පොලිසිය සඳහන් කරයි. අනතුරින් වාහන දෙකටම විශාල ලෙස හානි සිදුව ඇති අතර රියැදුරන් දෙදෙනා තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබ පසුව තෙල්දෙණිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

රිය අනතුර පිළිබඳව වැඩිදුර විමර්ශන තෙල්දෙණිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. රවින්ද්‍ර සේනාධීර මහතාගේ මෙහෙයවීමෙන් සිදු කෙරේ.
ජානක සම්පත් බණ්ඩාර – ගුන්නෑපාන

advertistmentadvertistment
advertistmentadvertistment