දරුවන් 10,000කට ජීවිතය දුන් ඉන්දීය හෙදිය

423

ඉන්දීය සෞඛ්‍ය සේවාවේ හෙදියන්ට සහ වින්නඹු මව්වරුන්ට අතිශය වැදගත් තැනක් හිමිව තිබේ. එහෙත්, ඉහළ ඉල්ලුම සහ සීමිත සම්පත් හේතුවෙන් ඔවුහු අභියෝගවලට මුහුණ දී සිටිති. සාර්ථක දරු උපත් 10,000කට අධික සංඛ්‍යාවකට දායක වීම නිසා ඉන්දීය රජයේ සම්මානයකට ද පාත්‍ර වූ මෑතකදී විශ්‍රාම දිවියට පිවිසි හෙදියක වූ කතීජා බිබී, ඇයගේ 33 වසරක් දීර්ඝ වෘත්තීය ජීවිතය තුළ කාන්තා සෞඛ්‍ය සේවාව පිළිබඳ ආකල්පවල ඇය දුටු වෙනස්කම් දෙස ආපසු හැරී බැලීමකි, මේ.

“මට ආඩම්බරයි කියන්න, මගේ නිරීක්ෂණය යටතේ බිහි කරපු බබාලා 10,000 අතරින් කිසිම දරුවෙක් මියගියේ නෑ,” 60 හැවිරිදි කතීජා බිබී එසේ පවසන්නේ, සිය රැකියාවේ විශේෂම සිද්ධිය එය බව සලකමිනි.

තමිල්නාඩු ප්‍රාන්තයේ සෞඛ්‍ය අමාත්‍ය මා. සුබ්‍රමනියන් බීබීසී පුවත් සේවයට පැවසුවේ, කතීජාගේ සේවා කාලය තුළ කිසිදු ළදරු මරණයක් වාර්තා නොවීම නිසා ඇයට රාජ්‍ය සම්මානයක් පිරිනැමූ බව ය. ඇය දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ රජයේ සෞඛ්‍ය මධ්‍යස්ථානයක සේවය කළ දශක තුනක කාලය තුළ, ඉන්දියාව මාතෘ මරණ අනුපාතය ඉහළ මට්ටමක සිට ගෝලීය සාමාන්‍යයට ආසන්න රටක් බවට පරිවර්තනය වී ඇත. ඇය පවසන්නේ, ගැහැනු දරුවන් ඉපදීම සහ දරුවන් අඩු සංඛ්‍යාවක් බිහි කිරීම ආදී කරුණු සම්බන්ධයෙන් ධනාත්මක වෙනසක් ඇති වූ ආකාරය තමන් දුටු බව ය.

advertistmentadvertistment
advertistmentadvertistment