දැරියක දූෂණය කර වසර 15ක් හිරේට ගිය අකුරැස්සේ සරුව සුනිලුත් නිදහස්

317

දාහතර හැවිරිදි බාල වයස්කාර දැරියක දූෂණය කිරීමේ යෝජනාවට වරදකරු කර කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 15 ක සිරදඬුවම් හා ලක්‍ෂ 2 1/2 ක දඩයක් නියම කර සිටි අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් නමැත්තා සියලු චෝදනාවලින් සහ දඬුවම්වලින් නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය ඊයේ (11දා) නියෝග කළේය.

මහාධිකරණය විසින් 2020 ජනවාරි 17 දා ලබාදුන් එම දඬුවමට එරෙහිව සාරුව ලියනගේ සුනිල් නමැත්තා විසින් ගොනුකර තිබූ අභියාචනයක් විභාග කළ පී. කුමාරරත්නම් සහ සම්පත් අබේකෝන් යන විනිසුරු මඬුල්ල අභියාචනය සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් එම නියෝගය කළේය.

2012 මැයි 23 දා හා 2012 ජුනි 22 දා කාලය අතරතුරදී තමන් යටතේ සේවය කළ අඹු සැමි යුවළගේ 14 හැවිරිදි බාල වයස්කාර දියණිය රවටාගෙන හෝටලයකට ගෙන ගොස් බලහත්කාරයෙන් දූෂණය කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ සාරුව ලියනගේ සුනිල් නමැත්තාට එරෙහිව නඩු පවරා තිබිණි.

නීතිඥ දර්ශන කුරුප්පු මහතා සමග ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා සාරුව ලියනගේ සුනිල් වෙනුවෙන් පෙනී සිටි අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුනිල් කුලරත්න මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment