හයිවේ වන්දි පරක්කු වුණාට කෝටි 28 ක් පොලී ගෙවලා

369

විගණන වාර්තාවෙන් හෙළිවෙයි

දක්ෂිණ මාර්ග සම්බන්ධ කරන ව්‍යාපෘතිය සඳහා (අධිවේගී මාර්ග සම්බන්ධතා වැඩිදියුණු කිරීමේ සැලැස්ම) රජයට අයත් ඉඩම් කැබලි 548ක් ඇතුළු ඉඩම් කැබලි 3558ක් අත්පත් කර ගැනීමේදී වන්දි ගෙවීමේ කටයුතු ප‍්‍රමාදවීම නිසා පොලිය ලෙස රුපියල් කෝටි 28කට අධික (මිලියන 289ක්) මුදලක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති වාර්තාවේ සඳහන් වෙයි.

2020 වර්ෂයේ දෙසැම්බර් මස 31 වැනිදා අදාළ ව්‍යාපෘතිය විසින් ඉඩම් අත්පත් කර ගැනීමේ පිරිවැය ලෙස රුපියල් කෝටි 950ක් වැයකොට තිබූ බව ද ජාතික විගණන කාර්යාලය පවසයි. එමෙන්ම ඉඩම් අත්පත් කර ගැනීමේ හා නැවත පදිංචි කිරීමේ කමිටුවල තීරණ යටතේ රුපියල් කෝටි 542.3 (මිලියන 5243ක්) අතිරේක ගෙවීමක් ද සිදුකර තිබුණි.

එමෙන්ම ඉඩම් අත්පත් කර ගැනීමේ පනතේ 44 වැනි වගන්තිය යටතේ කිසිදු ඉඩමක් ලියාපදිංචි කර නොතිබූ බව විගණන වාර්තාවේ සඳහන් වෙයි. මේ සම්බන්ධව කළමනාකාරිත්වයේ අදහස් දැක්වීමේ දී විගණනයට ප‍්‍රකාශකොට ඇත්තේ අරමුදල් ලබා ගැනීමේ හැකියාව මත පදනම්ව ඉතිරි ඉඩම් කට්ටි සඳහා වන්දි ගෙවීමේ ක‍්‍රියාවලිය සිදුකරමින් පවතින බවය. දක්ෂිණ අධිවේගී මාර්ගයට සම්බන්ධ කිලෝමීටර් 33ක් වැඩිදියුණු කිරීම හා ප‍්‍රතිසංස්කරණය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණය. ඒ සඳහා ණය ගිවිසුමට අනුව ව්‍යාපෘතියේ මුළු පිරිවැය රුපියල් කෝටි 1224.8 කි. එනම් මිලියන 12248කි.

ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරච්චි ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment