දිගන හුණුගල් කඩන වැඩබිමක වළකට වැටී දරුවෙක් මරුට

285

දිගන ගෝනවල ප්‍රදේශයේ හුණුගල් කඩන වැඩබිමක් පිහිටි ස්ථානයක අඩි 300ක් පමණ උස ගල් වළක පවතින ප්‍රපාතයකට ඇද වැටීමෙන් වයස අවුරුදු 13ක දරුවෙකු ඉකුත්දා (14දා) එම ස්ථානයේදීම මියගොස් ඇති බව තෙල්දෙණිය පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ මහනුවර, දිගන, ගලගෙඩියාහේන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 13 ක් වන ඉසුරු වීරරත්න නමැති දරුවෙකි. දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලේ දෙවැනි දරුවා වන ඉසුරු වීරරත්න දරුවා විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකු බවත්, මොහුගේ මව සහ පියා දෛනික කුලී රැකියාවල නිරතව ජීවත්වෙන අය බවත් පොලිසිය පවසයි.

මෙම සිදුවිම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු තෙල්දෙණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්. බී. පලිහවඩන මහතාගේ ප්‍රධානත්වයෙන් තෙල්දෙණිය පොලිසිය මගින් සිදු කරනු ලබයි.
ජානක සම්පත් බණ්ඩාර – ගුන්නෑපාන

advertistmentadvertistment
advertistmentadvertistment