දිමුත් සහ මැතිව්ස් ඉන්දියාවට එරෙහිව යොදවනවා දැයි තවම තීරණයක් ගෙන නැහැ

321

බංග්ලාදේශය සහ එංගලන්තය සමග පැවැති එක් දින ජාත්‍යන්තර තරගවලට ඇතුළත් නොවූ දිමුත් කරුණාරත්න සහ ඇන්ජලෝ මැතිව්ස් ඉන්දියාව සමග පැවැත්වෙන තරගාවලියට එකතු කර ගන්නවාද නැද්ද යන්න මෙතෙක් තීරණය කර නැති බව කි‍්‍රකට් තේරීම් කමිටු සභාපති ප‍්‍රමෝද්‍ය වික‍්‍රමසිංහ මහතා ‘දිවයින’ට ඊයේ (01 වැනිදා) පැවසීය.

එක්දින තරග 3 ක් සහ පන්දු වාර 20-20 තරග 3 ක් සඳහා සහභාගි වීමට ශිකර් ධවාන්ගේ

නායකත්වයෙන් යුතු ඉන්දීය කි‍්‍රකට් කණ්ඩායම පසුගිය 28 වැනිදා දිවයිනට පැමිණියේය.

එංගලන්ත තරග සංචාරය අතරතුර විනය විරෝධීව හැසිරුණේ යැයි චෝදනාවට ලක්වූ කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක යන කී‍්‍රඩකයන් තිදෙනා ඉන්දීය තරගාවලියට ද සහභාගි නොකරන තත්ත්වයක් තුළ දිමුත් සහ මැතිව්ස්ගේ සේවය කණ්ඩායමට ලබා ගන්නවා දැයි ‘දිවයින’ කළ විමසීමේදී තේරීම් කමිටු සභාපතිවරයා එසේ කීය.

දිමුත් සහ මැතිව්ස් කියන්නේ දක්‍ෂ පළපුරුදු අත්දැකීම් බහුල කී‍්‍රඩකයන් දෙදෙනෙක්. අපි ඔවුන්ගේ

සේවය ඉන්දීය තරගාවලියට යොදා ගන්නවාද නැද්ද කියලා තවම තීරණය කරලා නැහැ. ඒ සම්බන්ධයෙන් අපි තවමත් සාකච්ඡුා පවත්වමින් සිටිනවා යැයි තේරීම් කමිටු සභාපතිවරයා පැවසීය.

ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර තරග තුනකින් යුත් එක් දින තරගාවලියේ පළමු තරගය ලබන 13 වැනිදා ආරම්භ වේ.

හිටපු නායකයකු වන ඇන්ජලෝ මැතිව්ස් එක් දින තරග 218 කට ශී‍්‍ර ලංකාව නියෝජනය කර එහිදී ලකුණු 5835 ක් සහ කඩුලූ 120 ක් දවා ගෙන ඇත.

කුසල් ජනිත් පෙරේරාට නායකත්වය ලබා දෙමින් තරුණ කණ්ඩායමක් බංග්ලාදේශ සංචාරයට නම් කරන තෙක් ශී‍්‍ර ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වය දැරූ තවමත් ටෙස්ට් කණ්ඩායමේ නායකයා වන දිමුත් කරුණාරත්න එක්දින තරග 34 කදී ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ලකුණු 767 ක් වාර්තා කර ඇත.

කුසල් පෙරේරාගේ නායකත්වයෙන් ශී‍්‍ර ලංකා එක් දින කණ්ඩායම බංග්ලාදේශය හමුවේ 2-1 ක් ලෙස එක්දින තරගාවලිය ද, එංගලන්තය හමුවේ 3-0 ක් ලෙස පන්දුවාර 20-20 තරගාවලිය ද පරාජයට පත් වූ අතර පළමු එක් දින තරගයෙන් ද කඩුලූ 5 ක පරාජයක් ලැබීය.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment