දිවංගත ඩී. ඒ. රාජපක්ෂගේ 56 වැනි ගුණසමරුව

96

දිවංගත ඩී. ඒ. රාජපක්ෂ මහතාගේ 56 වැනි ගුණසමරු දේශනය කොළඹ 7, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පෙරේදා (16 දා) සවස පැවැත්විණි.

කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය ධනන්ජය ගමලත් මහතා එහිදී මුඛ්‍ය දේශනය පැවැත් වූ අතර ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඩී. ඒ. රාජපක්ෂ මහතාගේ උඩුකය පිළිරුවට මල්දමක් පැළඳවූ අයුරු.

මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු කථානායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ යන මහත්වරු ප්‍රමුඛ මැති ඇමැතිවරු ගිහි පැවිදි රැසක්ම සහභාගි වූහ.

සටහන හා ඡායාරූපය – ජූඩ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment