නල්ලූර් කන්දසාමී කෝවිලේ පූජාවට පැමිණි බැතිමතුන් හයදෙනෙකුට සිහි නැතිවෙලා

69

යාපනයේ නල්ලූර් කන්දසාමී කෝවිලේ සප්ත රාත්‍රී විශේෂ පූජාවට පැමිණි බැතිමතුන් තෙරපීමකට ලක් වීම නිසා බැතිමතුන් හය දෙනෙකු පෙරේදා (12 දා) රාත්‍රී සිහිමූර්ජා වී තිබේ.

එලෙස සිහිමූර්ජා වූ බැතිමතුන් රැගෙන යෑමට පැමිණි ගිලන් රථ වලටද අදාළ ස්ථානයට යෑමට නොහැකි වූ නිසා සිහි මූර්ජා වූ බැතිමතුන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්ව තිබුණි.

වහාම පොලිසිය එම ස්ථානයට ගොස් කෝවිලේ පාලන අධිකාරිය විසින් ඉදිකොට තිබූ මාර්ග බාධක කඩා දමා සිහි මූර්ජා වූ පිරිස බේරා ගෙන තිබේ. බැතිමතුන් සිහිමූර්ජා වන අවස්ථාව වන විට කෝවිල තුළ බැතිමතුන් ලක්ෂ දෙකක් පමණ සිට ඇත.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment