නිර්වින්දන හිඟයි – ජාතික රෝහලේ සැත්කම් රැසක් නවතී

106

නිර්වින්දන ඖෂධ හිඟය හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ රෝගීන් විශාල පිරිසකගේ ශල්‍යකර්ම මේ වනවිට ප්‍රමාද වී ඇති බව සමස්ත ලංකා හෙද සංගමය පවසයි.

වෛද්‍ය සැපයුම් අංශය විසින් මෙලෙස නිර්වින්දන ඖෂධ ඉවත් කිරීමට හදිසියේ තීරණය කර ඇතැයි ද එම සංගමය කියා සිටියි. ඊයේ (21 දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවක දී කතා කළ සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එච්.එම්.එස්.බී. මැදිවත්ත මහතා මෙසේ ද පැවසීය.

ශ්‍රී ලංකා ජාතික රෝහලේ අද දිනයේ ශල්‍යකර්මවලට සූදානම් කරගෙන හිටපු රෝගීන් විශාල පිරිසක් ශල්‍යකර්ම මේ වෙනකොට ප්‍රමාද වෙලා තිබෙනවා. ‘ප්‍රොපොපොල්’ නමැති නිර්වින්දන ඖෂධය භාවිතයෙන් ඉවත් කරන්න වෛද්‍ය සැපයීම් අංශය හදිසියේ ගත්ත තීරණයක් නිසා. ශල්‍යකර්මයට සිහි නැති කිරීමට අවශ්‍ය වෙනත් ඖෂධයක් සොයා ගන්නා තෙක් මේ ශල්‍යකර්ම මේ වෙනකොට ප්‍රමාද වෙලා තියෙනවා. මේ ඖෂධය නියමිත ටෙන්ඩර් පටිපාටියට අනුව ගෙන්වපු ඖෂධයක්. ඒ වගේ දෙයක් හදිසියේ ඉවත් කරන්න සිද්ධ වෙන්න හේතුවක් නැහැ. එහෙමනම් මේක ඉවත් කරන්න වෙන්නේ මේකේ ගුණාත්මක භාවයේ තිබෙන කිසියම් දෝෂයක් නිසා.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment