පක්ෂ ලොක්කන්ට මැකො එන්න කියයි

261

ඉදිරි මැතිවරණ කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ලබන සතියේදී දේශපාලන පක්ෂ ලේකම්වරු හමුවීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව ලියාපදිංචි දේශපාලන පක්ෂ 80න් අඩක් ලබන සතියෙත් ඉතිරි ප්‍රමාණය ඊළඟ සතියෙත් මැතිවරණ කොමසාරිස් හමුවීමට නියමිතය.

මේ වසරේ ඔක්තෝබර් මාසය වනවිට ජනාධිපතිවරයා අනිවාර්යයෙන් පැවැත් වියයුතු වන අතර ඉන්පසුව පාර්ලිමේන්තු මැතිවරණය පැවැත් වියයුතු වෙයි.

මැතිවරණ කටයුතුවලට අමතරව ඡන්ද නාමලේඛන ලියාපදිංචිය හා ඊට බලපා ඇති ගැටලු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය. මෙම සාකච්ඡා බොහෝදුරට ලබන 27 හා මාර්තු මස 06 වැනිදා පැවැත්වීමට ඉඩ ඇත.

රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment