පකිස්තානයට එරෙහි තරගාවලියට ඇෆ්ගනිස්තානය එයි

255

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පකිස්තාන – ඇෆ්ගනිස්තාන එක් දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වීමට ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම පෙරේදා මෙරටට පැමිණියේය.

එක් දින සීමිත ඕවර් 50 තරගාවලියක් ලෙස සංවිධානය කර ඇති මෙම තරගාවලිය ඇෆ්ගනිස්තානයේ පැවැත්වීමට සැලසුම් කර තිබුණ ද, පසුව එම තීරණය වෙනස් කර මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තීරණය කර තිබේ.

තරග 03 කින් සමන්විත මෙම තරගාවලියේ 08/22 සහ 08/24 දිනවල තරග 02 ක් හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදී ත්, ඉතිරි තරගය 26 දින කොළඹ පැවැත්වීමටත් සැලසුම් කර තිබේ.

ක්‍රීඩකයින්, පුහුණුකරුවන් කළමනාකරුවන් සහ උපදේශකවරුන් ඇතුළු ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම 30 දෙනෙකුගෙන් පමණ සමන්විත වී සිටියහ.

මෙම ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම 10 දින උදෑසන 08.33 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

මෙම පිරිස පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි අතර, ඔවුන් දැඩි ආරක්ෂක රැකවල් මැද කොළඹ බලා රැගෙන ඒමට පියවර ගෙන තිබුණි.

කටුනායක ටී.කේ.ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment