පකිස්තාන අපේක්ෂකයෙක් පාර්ලිමේන්තු අසුන අත් හරී

2768

සිරගත කර සිටින හිටපු පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ට සහය දක්වන ස්වාධීන අපේක්ෂකයෙකු ඉකුත් සතියේ පැවති පකිස්ථාන මහා මැතිවරණයේදී තමාට වඩා වැඩි ජන්ද ලබා ගෙන ඇති බව පවසමින් දිනූ පාර්ලිමේන්තු අසුන අත් හැරීමට පකිස්තාන දේශපාලන පක්ෂ අපේක්ෂකයෙකු කටයුතු කර තිබේ.

පකිස්තානයේ ජමාත් ඊ ඉස්ලාම් පක්ෂයේ අපේක්ෂක නයිම් උර් රහමන් මෙවර මැතිවරණයේදී තරග කළ කරච්චි නගරයේ පීඑස් -129 අසුන ඔහු විසින් දිනා ඇති බව මැතිවරණ බලධාරීන් විසින් නිවේදනය කර තිබුණද එම අසුන සඳහා පැවති ජන්ද විමසීමේදී තමාට වඩා ඉම්රාන් ඛාන් හිටපු අගමැතිවරයාට සහාය දැක්වූ ස්වාධීන අපේක්ෂකයා ජන්ද ලබාගෙන ඇති නිසා ජන්ද වංචාවක් සිදුව ඇති බව පවසමින් රහමන් සිය අසුන අතහැර තිබේ. රහමන්ට අනුව ඔහුට අසුන සඳහා ජන්ද 28,000 කට වඩා වැඩි ජන්ද ලැබී ඇතත් ඉම්රාන් ඛාන්ගේ පකිස්තාන් ටෙහ්රීක් ඊ ඉන්සාෆ් පක්ෂයට සහය දක්වන ස්වාධීන අපේක්ෂක සයිෆ් භාරිට ජන්ද 31,000 ක් හිමිව තිබේ. මැතිවරණ කොමිෂන් නිලධාරීහු ඡන්ද වංචා චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment