යතුරුපැදි අනතුරකින් පොලිස් නිලධාරියෙක් මරුට

201

බේරුවල මොරගල්ල සංචාරක පොලීසිය ඉදිරිපිට දී අද අළුයම යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් පොලිස් නිලධාරියකු මියගොස් ඇත. තවත් පොලිස් නිලධාරීයෙකු ඇතුළු තිදෙනෙකු තුවාල ලබා නාගොඩ මහ රෝහලට ඇතුළත් කර ඇතැයි බේරුවල පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් පත්ම කුමාර මහතා සදහන් කරයි.අනතුරින් මියගොස් ඇත්තේ බේරුවල පොලීසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ උප පොලිස් පරික්ෂක චතුරංග කස්තුරිආරච්චි මහතා ය.

advertistmentadvertistment
advertistmentadvertistment