ප්‍රමෝද්‍යගේ මාධ්‍ය නිවේදනය සම්බන්ධව පරීක්ෂණයක් කරන්න – ඇමැති විශේෂ විමර්ශන ඒකකයට දැනුම් දෙයි

303

ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා විසින් පසුගිය 13 වන දින නිකුත් කරන ලද මාධ්‍ය ප්‍රකාශය සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට කඩිනමින් පියවර ගන්නා ලෙස ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය වෙත දැනුම් දී ඇත.

2019 අංක 24 දරන ක්‍රීඩාවට සම්බන්ධ වැරදි පනත යටතට ගැනෙන වැරදි වන තරග පාවා දීම, දූෂණය, නීති විරෝධී මෙහෙයවීම සහ නීති විරෝධී ඔට්ටු ඇල්ලීම සම්බන්ධිත කාරණා පිළිබඳව තොරතුරු තමන් දන්නා බව තේරීම් කමිටු සභාපතිවරයා එම මාධ්‍ය නිවේදනයෙන් ප්‍රකාශ කර ඇති බව සඳහන් කරමින් ක්‍රීඩා ඇමැතිවරයා ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය වෙත එම දැනුම් දීම කර ඇත.

එමෙන්ම එම ප්‍රකාශය ඔහු දරන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති යන තනතුර මත බරපතළ ප්‍රකාශයන් වන අතර ඒ සම්බන්ධයෙන් සමාජයේ විශාල කතිකාවතක් නිර්මාණය වී ඇති බවත් ඇමැතිවරයා දන්වා තිබේ.

ඒ අනුව 2019 අංක 24 දරන පනත ප්‍රකාරව මේ සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට කඩිනමින් පියවර ගන්නා ලෙස ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය වෙත දැනුම් දී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment