රස්නය නිසා විදුලි ඉල්ලුමත් ඉහළට

151


මෑත කාලයේදී වාර්තා වූ මෙරට එක් දිනකදී වැඩිම විදුලිය භාවිතය ඊයේ දිනයේදී සිදුව ඇතැයි විදුලි බල මණ්ඩලය පවසයි.ඒ අනුව ඊයේ දිනයේදී ගිගාවොට් 49.53ක විදුලි ඉල්ලුමක් ලැබී ඇත.අද දිනයේ ගිගාවොට් 50කට අධික විදුලි ඉල්ලුමක් අපේක්ෂාකරන බව විදුලි බලමණ්ඩලය පවසයි.ඒ අනුව සියලුම තාප විදුලි බලාගාර ද භාවිතයෙන් අදාල විදුලි ඉල්ලුම ලබාදීමට පියවර ගන්නා බව ද විදුලි බල මණ්ඩලය පවසයි. රට තුළ පවතින අධික උෂ්ණත්වය නිසා විදුලි පංකා සහ වායු සමීකරණ භාවිතය ඉහළ යාමත් සමග මෙලෙස විදුලි පරිභෝජනය ඉහළ යාමට හේතුවී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment