22 න් ජනපති බලතල අහිමි වෙන්නේ නෑ: නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි

319

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් රටේ විධායක ජනාධිපතිවරයාට 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිකර දී ඇති කිසිදු වරප්‍රසාදයක් හෝ බලයක් අහිමිවීමක් සිදු නොවන්නේ යැයි නීතිපති සංජේ රාජරත්නම් මහතා ඊයේ (23දා) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

ව්‍යවස්ථාදායක සභාවට සාමාජිකයන් පස්දෙනකු පත්කිරීමේ බලය, අගවිනිසුරු හා නීතිපති ඇතුළු ප්‍රධාන තනතුරුවලට සුදුස්සන් පත්කිරීමේ බලය 22 වන සංශෝධනය මගින් කිසිදු අයුරකින් කපාප්දු නොවන බවද නීතිපතිවරයා අගවිනිසුරුවරයා ඇතුළු ත්‍රීපුද්ගල විනිසුරු මඬුල්ලට පෙන්වා දුන්නේය.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගුණදාස අමරසේකර මහතා ඇතුළු පාර්ශ්ව කිහිපයක් ගොනු කර තිබූ විශේෂ පෙත්සම් 9ක් සම්බන්ධයෙන් වූ විභාගයේදී හෙතෙම එලෙස ප්‍රකාශ කළේය.

එම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ හා අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඬුල්ල හමුවේදී ඊයේ දෙවන දිනටත් විභාගයට ගැනිණි.

මේ අතර එම පෙත්ස්ම විභාගය ඊයේ (23) අවසන් කළ විනිසුරු මඬුල්ල තම අධිකරණයේ නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යවන බවට දෙපාර්ශ්වයට දැනුම් දුන්හ. දෙපාර්ශ්වයේ ලිඛිත දේශන අද (24) දිනය ඇතුළත තම අධිකරණය හමුවේ ගොනු කරන ලෙසට ද විනිසුරු මඬුල්ල එහිදී වැඩිදුරටත් පෙත්සම්කාර පාර්ශ්වයට සහ නීතිපතිවරයාට නියෝග කළහ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment