පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ඇරඹේ

87

ආර්ථික අර්බුද රැසක් මැද තමා භාරගත් වත්මන් ආණ්ඩුව ක්‍රමක්‍රමයෙන් යහපත් අතට පත්වෙමින් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය .ජනාධිපතිවරයා මේ බව පැවසුවේ 09 වැනි පාර්ලිමේන්තුවේ 05 වැනි සැසිවාරය ආරම්භ කරමින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමිනි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10.30ට නව සැසිවාරය ආරම්භ විය.පෙරවරු 10.00ට පමණ පාර්ලිමේන්තු ව වෙත පැමිණි ජනාධිපතිවරයා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය විසින් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැටපෙළ අභියසදී පිළිගනු ලැබූ අතර ඉන් පසු ජයමංගල ගීත ගායනා කෙරිණි.

advertistmentadvertistment
advertistmentadvertistment