පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයටත් ඇඟිලි ගහනවා -වරප්‍රසාද කමිටුවට ජනාධිපති කැඳවන්න – චන්දිම වීරක්කොඩි මැතිසබයේදී කියයි

64

පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇඟිලි ගසමින් ජනාධිපතිවරයා මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩ කරන බවත් එබැවින් ඔහු පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට කැඳවිය යුතු බවත් ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10 දා) පැවසීය.

ජනාධිපති පාර්ලිමේන්තුවට ඇවිත් මුදල් කාරක සභාවේ සභාපති පත් කළා. දැන් ඊයේ පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇඟිලි ගහන්න, බලපෑම් කළා. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් වරප්‍රසාද කමිටුවට ගෙනාවා. මම යෝජනා කරනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩ කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට ගෙන්නන්න කියලා. දිගින් දිගට ම පාර්ලිමේන්තුවට බලපෑම් කරනවා.

නියෝජ්‍ය කථානායක – ජනාධිපතිතුමාට ඒ සඳහා අයිතියක් තිබෙනවා.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment