පුලතිසි දුම්රියේ අලියෙක් ගැටේ

204

කොළඹ සිට මඩකලපුව බලා පෙරේදා (10දා) රාත්‍රී ධාවනය වූ පුලතිසි දුම්රියේ ගැටීමෙන් වන අලියකු මියගොස් තිබේ.

පොලොන්නරුව මඩකලපුව දුම්රිය මාර්ගයේ වැලිකන්ද පුල්ලෙයාර්අඩි ප්‍රදේශයේදී මෙම වන අලියා දුම්රියේ ගැටී ඇතැයි වැලිකන්ද වනජීවී නිලධාරීන් පැවසීය.

සෝමාවතිය රක්ෂිතයේ සිට මාදුරුඔය රක්ෂිතයට වන අලි රංචුවක් මාරු වීමේදී මෙම වන අලියා දුම්රියේ ගැටී ඇතැයි වනජීවී නිලධාරීන් සැක කරන අතර මෙම ස්ථානය අලි මාරු වන අලිමංකඩ ලෙසද හඳුන්වනු ලබන බවත් එම ස්ථානයේ දුම්රිය රියැදුරන්ගේ දැනගැනීම සඳහා වේගය සීමා කරන ලෙස දැන්වීම් ගසා තිබුණද එය නොසලකා හැර දුම්රිය රියැදුරන් දුම්රිය අධික වේගයෙන් ධාවනය කිරීම හේතුවෙන් මෙසේ වන අලි දුම්රියේ ගැටී මියයෑම නිරන්තරයෙන් සිදුවන බව වනජීවී නිලධාරීන් අවධාරණය කරයි.

වයස අවුරුදු 25ත් 30ත් අතර පසුවන මෙම ගැහැණු වන අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ඊයේ (11දා) දහවල් ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය ඒකකයේ වෛද්‍ය ඒකකයේ නිලධාරීන් විසින් සිදුකිරීමට නියමිතව ඇති අතර දුම්රියේ ගැටුණු වන අලියා එම ස්ථානයේ දීම මියගොස් තිබුණි.

ඡායාරූප සහ සටහන ඇලහැර නිශ්ශංක වෙලගෙදර

advertistmentadvertistment
advertistmentadvertistment