පෙණහලු රෝගවලින් මියයන භාගෙට භාගයක් අයිස් – කුඩු ගහන අය

176

හදිසි මරණ පරීක්‍ෂක නීතිඥ ඉරේෂා දේශානි සමරවීර

පෙණහලු ආශ්‍රිත රෝගවලින් මියයන භාගෙට භාගයක්ම හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූ පුද්ගලයන් බව සිදුකළ මරණ පරීක්‍ෂණවලදී හෙළිවී ඇතැයි කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්‍ෂක නීතිඥ ඉරේෂා දේශානි සමරවීර මහත්මිය ‘දිවයින’ට ඊයේ (08දා) පැවසුවාය.

විශේෂයෙන් කොළඹ ජාතික රෝහලේ සිදුකරන හදිසි මරණ පරීක්‍ෂක සාක්‍ෂි විභාගවල දී ඒ බව අනාවරණය වී ඇතැයි ද ඇය කියා සිටියාය.

අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට කෙළින්ම යොමුවූ පාසල් සිසුන්, තරුණ පිරිස වසර 2 ක්, 3 ක් ඇතුළත මරණයට පත්වන බව හෙළිවී ඇති බවද ඇය කීවාය.

කාලයක් හෙරොයින් භාවිතයට ඇබ්බැහි වී සිටි වැඩිහිටි පිරිස වර්තමානයේ අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට මාරුවීමත් සමග මියයන සංඛ්‍යාවේ වැඩිවීමක් දක්නට ඇතැයිද ඇය කියා සිටියාය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment