පේරාදෙණිය සරසවිය යළිත් එක වෙයි

2655

ටයිම්ස් උසස් අධ්‍යාපන ලෝක ශ්‍රේණිගත කිරීමට අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය යළිත් ශ්‍රී ලංකාවේ අංක එකේ විශ්වවිද්‍යාලය බවට පත්ව තිබේ. 

ලෝකයේ උසස් අධ්‍යාපනය ලැබීමට සුදුසුම විශ්වවිද්‍යාල මොනවා ද යන්න සම්බන්ධව නිර්නායක ගණනාවක් ඔස්සේ සොයා බලා උසස් අධ්‍යාපන ආයතන ශ්‍රේණිගත කිරීම්  වාර්ෂිකව සිදු කරනු ලබන අතර ඉන් එක් ප්‍රධාන  වර්ගීකරණයක් ලෙස ටයිම්ස් ලෝක උසස් අධ්‍යාපන ආයතන ශ්‍රේණිගත කිරීම (Times Higher Education ranking)සලකනු ලබයි.

ටයිම්ස් උසස් අධ්‍යාපන ආයතන වර්ගීකරණය යටතේ 2023 වසරේ දී  ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල 06 ක් ශ්‍රේණිගත කර ඇත. එම ශ්‍රේනිගත කිරීමේ දී ශ්‍රී  ලංකාවේ ප්‍රථම ස්ථානයට පත්ව ඇත්තේ ලෝක මට්ටමේ හොඳම විශ්වවිද්‍යාල  500-600  අතර කාණ්ඩයට ඇතුළත් වෙමිනි. 

ඒ අනුව ටයිම්ස්  ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් අනුව  පේරාදෙණිය  විශ්වවිද්‍යාලය ශ්‍රී  ලංකාවේ  හොඳම විශ්වවිද්‍යාලය බවට පත්ව ඇත්තේ සිව්වන වරට වීම විශේෂත්වයකි.

advertistmentadvertistment
advertistmentadvertistment