පොලිස් නිලධාරියකුට හෙරොයින් විකුණන්න ගිය පුද්ගලයෙක්

517


වැටලීමක් සදහා සිවිල් ඇදුමකින් සැරසි ගොස් සිටි තංගල්ල කොට්ඨාශ දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති වරයාටම පුද්ගලයෙකු හෙරොයින් මත් ද්‍රව්‍ය අලෙවි කිරිමට ගොස් අත්අඩංගුවට පත් වු පුවතක් අම්බලන්තොටින් වාර්තා විය.
වාර්තා වන පරිදි සිද්ධිය මෙසේය.
අම්බලන්තොට හා අවට ප්‍රදේශවල සිදුවන හෙරොයින් ජාවාරමක් සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව තංගල්ල කොට්ඨාශ දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති වරයා ඇතුළු නිළධාරීන් කණ්ඩායමක් වෙස් වලාගෙන අම්බලන්තොට ස්ථාන කිහිපයක ස්ථානගතව සිට තිබේ.එම අවස්ථාවේදි අම්බලන්තොට වලවේ වත්ත පදිංචි හෙරොයින් ජාවාරම් කරුවෙකුට සිය මත් ද්‍රව්‍ය මිළදි ගැනීමට පැමිණි පුද්ගලයා කවුද යන්න සොයා ගැනිමට නොහැකිව වෙස්වලාගෙන සිටි තංගල්ල කොට්ඨාශ දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති වරයා අසලට ගොස් ඔහුට අදාල හෙරොයින් අලෙවි කිරිමට සැරසුණු අවස්ථාවේ වහා ක්‍රියාත්මක වු ස්ථානාධිපති වරයා හා නිළධාරීන් පිරිස විසින් අදාල සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අමබලන්තොට වලවෙවත්ත පදිංචි විවාහක පුද්ගලයෙකි.අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මිලි ග්‍රෑම් 1280ක් අත්අඩංගුවට ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment