පොලිසිය අගමැති ජොන්සන්ගේ  ලොක්ඩවුන් ‘‘සාද ගැන පිටු 500ක සාක්ෂි රැස් කරයි’’

202

අගමැති බොරිස් ජොන්සන්ට එරෙහිව එල්ල වී ඇති කොරෝනා වසංගත සමයේදී එංගලන්තයේ අගුලූ දැමීමේ (ලොක්ඩවුන්) නීති කඩ කරමින් මත්පැන් සාද පැවැත්වීමේ චෝදනා සම්බන්ධයෙන් පිටු 500කට අධික සාක්ෂි හා ඡුායාරූප 300ට අධික සංඛ්‍යාවක් එකතු කරගත් බව ලන්ඩන් නගර පොලිසිය විසින් නිවේදනය කර තිබේ.

අගමැති බොරිස් ජොන්සන් විසින් ඉකුත් 2020 වසරේ එංගලන්තයේ පනවා තිබූ රට අගුලූ දැමීමේ නීති රීති කඩකරමින් පවත්වා තිබූ සාද 08 ක් සම්බන්ධයෙන් මේ වන විට ලන්ඩන් නගර පොලිසිය විසින් පරීක්ෂණ පවත්වයි. පොලිසිය විසින් පවත්වනු ලබන පරීක්ෂණවලට බලපෑ හැකි නිසා අගමැති ජොන්සන් විසින් මත්පැන් සාද පැවැත්වීම හා ඒවාට සහභාගි

වීම සම්බන්ධයෙන් විමර්ශනය කළ සිවිල් සේවා නිලධාරිනියක වන සූ ගේ‍්‍ර ගේ විමර්ශන වාර්තාව ප‍්‍රසිද්ධ කිරීම ප‍්‍රමාද වී තිබේ. අදාළ විමර්ශන වාර්තාව මගින් එංගලන්තය අගුලූ දමා තිබූ කාලයේ ලන්ඩනයේ නොම්මර 10, ඩවුනින් වීථියේ පිහිටි අගමැති නිල නිවසේ හා යාබද රජයේ කාර්යාලවල පැවැත්වූ බව කියන සාද 16ක් සම්බන්ධයෙන් විමර්ශනය කර ඇති අතර අගමැතිවරයා එම සාදවලින් අවම වශයෙන් තුනකට සහභාගි වී ඇති බව එම වාර්තාවේ දක්වා තිබේ. අගුලූ දැමීමේ නීති කඩ කරමින් පවත්වා ඇති මෙම සාදවලින් සමහරක මත්පැන් නියමිත ප‍්‍රමාණයට වඩා පිළිගන්වා ඇති බව වාර්තා වී තිබෙන අතර අගමැති ජොන්සන්ට පෙර එම ධුරයේ සිටි තෙරේසා මේ පවා මේ සම්බන්ධයෙන් අගමැතිවරයාව දැඩි ලෙස විවේචනය කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment