පොහොර සඳහා මිල සූත්‍රයක් සහ සහනාධාරයක් – ඇමැති වක්කුඹුර කියයි

147

පොහොර මිල පාලනය සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදෙන අතර ඉදිරියේදී සෑම වර්ගයේම පොහොර සඳහා සහනාධාරයක් ලබාදෙන බව කෘෂිකර්ම ඇමැති ජානක වක්කුඹුර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05 දා) පැවසීය.

ඉදිරි යල කන්නය සඳහා කාබනික පොහොර ලබා දෙන අතර ඉතිරිය සඳහා නයිට්‍රජන් පොහොර ද අක්කරයකට කිලෝ 25 බැගින් ඉන්දියාවෙන් ගෙන්වා යූරියා පොහොර ද ගොවීන්ට ලබාදෙන බව හෙතෙම කියා සිටියේය.

පසුගිය කන්නයේදී සිදුවූ වගා හානි වෙනුවෙන් වන්දි ලබාදීම ඉදිරි සතියේ සිට ආරම්භ කරන බව ද විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා 27/2 යටතේ අසා තිබූ ප්‍රශ්නයක කොටසකට පිළිතුරු දෙමින් කෘෂිකර්ම ඇමැතිවරයා පැවසීය.

අකිත පෙරේරා – රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment