බසයෙන් ගිය සිසුවා හිස එළියට දමා මරුට

13679


උණවටුණ සාම චෛත්‍ය නැරඹිම සදහා බිංගිරිය, කඩිගමුවල ප්‍රදේශයේ දහම්පාසල් සිසු දරු දැරියන් කණ්ඩායමක් බස්රථ දෙකකින් ගමන් කරමින් සිටියදි සිසුවකු බස් රථයේ විදුරුවෙන් හිස එළියට දැමිමට යාමේ දි විදුලි කණුවක වැදිමෙන් බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරිමෙන් පසු ඊයේ (20) පස්වරුවේ දි මියගොස් ඇත.
මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ, ඒ.එම්. අශාන් ප්‍රභාත් (16) නැමති කුලියාපිටිය, බිංගිරිය ඉහලකඩිගමුව ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙකි.
බිංගිරියල කඩිගමුව ශ්‍රි ස්වර්ණපාලි දහම්පාසලේ සිසු දරු දැරියන් 116 දෙනෙකු බස්රථ දෙකකින් විනෝද ගමනක් සදහා ගාල්ල ප්‍ර දේශයට පැමිණ ඇත.
ගාල්ල ප්‍රදේශයට පැමිණිමට පෙර මොවුන් ත්‍රිකුණාමල ප්‍රදේශයේ ද සංචාරය කොට ඇති බැව් පොලිසිය පවසයි.
මෙම සිසුන් කණ්ඩායම බස්රථ දෙකකින් උණවටුණ බොනවිස්ටි මාර්ගයේ ගමන් කරමින් සිට ඇත. බොනවිස්ටා පාසල ආසන්නයේ දි ඉදිරියෙන් පැමිණි වාහනයකට ඉඩදිම සදහ එක් බස්රථයක් මාර්ගයේ අයිනට ගැනිමේ දි එම බසයේ පිටුපස අසුනේ සිටි මෙම පාසල් සිසුවා විදුරුවෙන් හිස එළියට දමා පිටුපස බැලිමේ දි විදුලි කණුවක වැදිඇත.
අනතුරෙන් තුවාල ලැබු පාසල් සිසුවා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කොට සුළු මෙහොතකින් මියගොස් ඇති බව පොලිසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment