බියගම පාසල් 5 න් 2 ක සිසු සිසුවියන් නැහැ… ඉතිරි පාසල් තුනේම පැමිණීම 23 යි

509

රජය මගින් සිසුන් 200 කට අඩු පාසල් ආරම්භ කළ ද බියගම අධ්‍යාපන කොට්ඨාසයේ තිබෙන සිසුන් 200 කට අඩු පාසල් 05 න් පාසල් 02 කම කිසිම සිසුවකු පාසල් පැමිණ සිටියේ නැත.

මල්වානේ යබරලූව ආනන්ද කනිෂ්ඨ විද්‍යාලය, ගෝනවල කැලණිතිස්ස විද්‍යාලය, සියඹලාපේ කන්දෙවත්ත සිරිසුමන විද්‍යාලය, දරණාගම රාජසිංහ ප‍්‍රාථමික විද්‍යාලය හා කඩවත බෞද්ධ ප‍්‍රාථමික විද්‍යාලය යන පාසල් 05 මෙයට ඇතුළත් විණි. ඒ අනුව යබරලූව කනිෂ්ඨ විද්‍යාලයේ හා ගෝනවල කැලණිතිස්ස විද්‍යාලයේ කිසිම සිසුවකු පාසල් පැමිණ සිටියේ නැති අතර සියඹලාපේ, කන්දෙවත්ත සිරිසුමන විද්‍යාලයේ සිසුන් දෙදෙනකු ද දරණාගම රාජසිංහ ප‍්‍රාථමික විද්‍යාලයේ සිසුන් 06 දෙනකු ද කඩවත බෞද්ධ ප‍්‍රාථමික විද්‍යාලයේ සිසුන් 15 දෙනකු ද පාසල් පැමිණ ඇත. තවද එම පාසල් වල විදුහල්පතිවරුන් හා ගුරුවරුන් පැමිණ සිටියේ නැත. ඒත් එම පාසල් වල අභ්‍යාසලාභී ගුරුවරුන්, අධ්‍යාපන අනධ්‍යයන කාර්ය මණ්ඩලය හා ක‍්‍රීඩා පුහුණු උපදේශකවරුන් පැමිණ ඇත.

මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ මල්වානේ යබරලූව ආනන්ද කනිෂ්ඨ විද්‍යාලයීය ප‍්‍රධාන දොරටුව අසල ඊයේ (21 දා* උදෑසන දිස්වුණු අයුරුයි.

දෙල්ගොඩ ඩබ්ලිව්.ඞී. විතාන හා බියගම – සුදත් පුබුදු කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment