බිරිඳගේ රන්මාලය කැඩූ හොරු පසුපස පැන්නූ සැමියා මරුට

376

බිරිදගේ ගෙලබැදි රන්මාලය කොල්ලකාගෙන පලායමින් සිටි කොල්ලකරුවන් දෙදෙනෙකු පසුපස එලවාගෙන ගිය සිව් දරුපියෙකු හදිසියේ ඇතිවු හෘදයාබාධයක් නිසා මියගොස් ඇති බැව්මරණ පරික්ෂණයේ දි අනාවරණය වී ඇත.

මෙසේ මියගොස් ඇත්තේ අක්මිමන 03 කණුව බටදුව ප්‍රදේශයේ පදිංචි පොරඹලියනගේ අමරසේන (67) නැමති අයෙකි.

මියගිය පුද්ගලයා තම බිරිද සමග බටදුව ප්‍රදේශයේ වෙළදසැලක් පවත්වාගෙන යන අතර ඉකුත් 25 වැනිදින රාත්‍රි යතුරුපැදියකින් පැමිණි කොල්ලකරුවන් දෙදෙනෙකු විසින් බිරිදගේ ගෙලබැදි රන්මාලය කොල්ලකාගෙන පලාගොස් ඇත.

කොල්ලකරුවන් දෙදෙනා පැණි බෝතලයක් ලබාගන්නා මුවාවෙන් වෙළදසැලට පැමිණ මෙකි කාන්තාවගේ ගෙලබැදි පවුම් දෙකක් පමණ බර රන්මාලය කොල්ලකාගෙන පලාගොස් තිබුණි.

පසුව මෙකි කාන්තාවගේ සැමියා හා පුතා ඇතුළු පිරිසක් යතුරුපැදිවලින් කොල්ලකරුවන් පසුපස එලවාගෙන ගොස් ඇත.

යතුරුපැදියෙන් ගමන්කරමින් සිටි මොහු හිරළුගොඩ කනත්ත අසලදි පපුව රිදෙන බව කියා යතුරුපැදිය නතරකොට ඇති අතර පසුව මොහු තම පුතා විසින් ත්‍රිරෝද රථයකින් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙනවිත් ඇතිඅතර හදිසි ප්‍රථිකාර ඒකකයේ දි මොහු මියගොස් තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment