පහර කා රෝහලේ සිටි මිතුරාට රෝහලටත් ඇවිත් පිහියෙන් කපලා

346

කොළඹ ජාතික රෝහලෙන් ඇසේ

සිය මිතුරාගේ පහර කෑමට ලක්ව කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර සිටි අයකුට, යළි මිතුරා රෝහල් වාට්ටුවට පැමිණ තියුණු ආයුධයකින් අත කපා පලා ගොස් ඇතැයි මරදාන පොලිසිය පවසයි.

ඔහුගේ වම් අතට තුවාල සිදුකර පලාගිය 38 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්‍ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිසිය කියයි.

සැකකාර මිතුරාගේ පිහි ඇනුමට ලක්වූ 35 හැවිරිදි පුද්ගලයාගේ තත්ත්වය බරපතළ නොවන බවද පොලිසිය කියයි. පෙරේදා (05 වැනිදා) අලූයම 2.00 ට පමණ ආයුධ ප‍්‍රහාරයට ලක්වූ අය සහ සැකකාර මිත‍්‍රයා අතර රුපියල් 1000 ක් සම්බන්ධයෙන් මරදාන, ආනන්ද මාවතේදී ආරවුලක් හටගෙන තිබේ. එහිදී සැකකරු විසින් සිය මිත‍්‍රයාට පහරදී ඇත. අනතුරුව පහරකෑමට ලක්වූ අයව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම පහරදීම සම්බන්ධයෙන් තුවාලකරුගේ බිරි`ද විසින් මරදාන පොලිසියට පැමිණිල්ලක් ද කර තිබේ.

මෙම පහරදීම සිදුකළ සැකකරු තියුණු ආයුධයක්ද රැුගෙන කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට රෝගියකු බලන මුවාවෙන් පෙරේදා අලූයම 3.00 ට ඇතුළු වී පහර කෑමට ලක්ව රෝහල් වාට්ටුවේ ප‍්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයාගේ අතකපා පලාගොස් ඇතැයි හෙළිවූ බව පොලිසිය කියයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රෝහල් වාට්ටුවේ වෛiවරුන්, හෙද නිලධාරීන්, ආරක්‍ෂක නිලධාරීන් ඇතුළු 10 දෙනකුගෙන් පමණ පොලිසිය ප‍්‍රකාශ සටහන් කරගෙන තිබේ.

මරදාන පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ඉෂාන්ත කුමාර ඇපලකොටුව මහතාගේ උපදෙස් මත නිලධාරීහු කණ්ඩායමක් සිද්ධිය පිළිබ`දව වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment