බුදුමග අපේ පන්සල – අද සපුගස්කන්ද රජමහා විහාරයේදී

130

දිවයින බුදුමග මාසික ධර්ම සංග්‍රහයේ සම දායකත්වයෙන් පවත්වනු ලබන ‘අපේ පන්සල’ ධර්ම දේශනාමය වැඩසටහන අද (අගෝස්තු 1 දා) ඇසළ පුන් පෝදා සවස 2.00 ට සපුගස්කන්ද පුරාණ රජමහා විහාරස්ථානයේදී පැවැත්වේ.

ධර්ම දේශනය පවත්වනු ලබන්නේ සියනෑ, අලුත්කුරු, හාපිටිගම් කෝරළ තුනෙහි ප්‍රධාන අධිකරණ සංඝනායක ත්‍රිපිටක වාගීශ්වර පූජ්‍ය දරණාගම ඤාණසිරි නාහිමිපාණන් වහන්සේ විසිනි.

සපුගස්කන්ද රජමහා විහාරය තවත් විහාර නාම දෙකකින් ප්‍රකට බස්නාහිර පළාතේ පුදබිමකි. මාකොළ පුරාණ ශ්‍රී මහා විහාරය, ගලේ පන්සල එම විහාර නාම වේ.

එමෙන්ම තවත් විහාර ද්විත්වයකින්ද එය සමන්විතය. මංකඩේ පන්සල (මංකඩේ පුරාණ ශ්‍රී මහා විහාරය) හා දෙමටගොඩ පන්සල (ශෛලාරාමය) එම විහාර ද්විත්වයයි. මනස්කාන්ත, දහම් සුවය දෙන පරිසරයකින් එම පුදබිම අලංකෘතය.

advertistmentadvertistment
advertistmentadvertistment