බෝලවත්තේ රජේශ්වරියගේ දේවස්ථානයෙන් ඉපැරණි සොහොන් ගැබක් හමු වෙයි

410

වෙන්නප්පුව බෝලවත්ත පරලෝක රජේශ්වරියගේ දේවස්ථානයේ ඉදිකිරීම් කටයුත්තකදී වසර සිය ගණනක් ඉපැරණි බවට සැක කරන සොහොන් ගැබක් හමුව තිබේ.

පසුගිය(17) දින සවස ඉදිකිරීම් කටයුතු සිදුකරන අතරතුර මෙම සොහොන් ගැබ මතුව ඇති බව බෝලවත්ත මීසම පාලක නෙවිල් සෙබස්තියන් පියතුමා පැවසූහ. මේ පිළිබඳව දැනගත් අවස්ථාවේ සිට මෙය දැක බලා ගැනීම ස`දහා දහස් ගණනක ජනතාවක් දේවස්ථානයට පැමිණෙමින් සිටී.

බෝලවත්තේ රජේශ්වරියගේ දේවස්ථානයෙන් ඉපැරණි සොහොන් ගැබක් හමු වෙයි

අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ට, හලාවත වැඩ බලන රදගුරු හා මහනුවර රදගුරු ගරු වැලන්ස් මෙන්දීස් හිමිපාණන්ට සිද්ධිය සම්බන්ධව දැනුම්දීමට කටයුතු කර තිබේ.

මේ වන විට මේ දේවස්ථානයට පොලිස් ආරක්ෂාව යොදවා තිබේ. මේ පිළිබ`දව කතෝලික සභාවට හා පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවට දැනුම් දී ඉදිරි පියවර ගන්නා බව මීසම් පාලක නෙවිල් සෙබස්තියන් පියතුමා වැඩිදුරටත් පැවසූහ.

බෝලවත්තේ රජේශ්වරියගේ දේවස්ථානයෙන් ඉපැරණි සොහොන් ගැබක් හමු වෙයි

අමරනන්ද විජේසේකර – මහවැව, කිරිමැටියාන – ඇන්ටනී රෝස්

advertistmentadvertistment
advertistmentadvertistment