මන්නාරමෙන් කෝටියක කේරළ ගංජා සමග දෙදෙනෙක් දැලේ

53

මන්නාරම පොලිසිය විසින් මන්නාරම – පල්ලමඩු පාරේදී රුපියල් කෝටියක් පමණ වටිනා කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 86 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු පසුගියදා (2දා) අත්අඩංගුවට ගෙන තිබේ.

මන්නාරම පොලිසියේ අපරාධ විමර්ශන අංශයට ලැබුණු රහසිගත තොරතුරකට අනුව මග රැක සිටි පොලිස් නිලධාරීන් පිරිසක් අදාළ පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී කිලෝ ග්‍රෑම් දෙක බැගින් අසුරණ ලද කේරළ ගංජා පැකට් තොගය හමු වී තිබේ.

සැකකරුවන් වෙනත් පුද්ගලයෙකුට අලෙවි කිරීම සඳහා මෙම කේරළ ගංජා තොගය රැගෙන යමින් සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් මන්නාරම පේසාලේ සහ මුලතිව් පුදුකුඩිරිප්පු ප්‍රදේශවලට අයත් 35 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකි.

සැකකරුවන් දෙදෙනා මන්නාරම අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment