මහනුවර නැති ක්ලිෆර්ඩ් කුසලාන රග්බී අද ඇරැඹේ

104

සංශෝධනය කරන ලද නව තරග සැලසුමට අනුව පොලිසිය සහ ගුවන් හමුදාව අතර තරගයෙන් ‘ක්ලිෆර්ඩ් කුසලානය’ පිළිමළුන් පිටු දැකීමේ රග්බී පාපන්දු තරගාවලිය ආරම්භ කෙරේ.

කොළඹ හතේ රීඩ් මාවතේ පිහිටී පැරණි තුරඟ තරග පිටියේ දී අද (28) ප.ව. 04.00ට එම තරගය ආරම්භ වේ. මෑත ඉතිහාසය තුළ වැඩිම කුසලාන ප්‍රමාණයක් දිනා ගනිමින් කැපී පෙනුණු මහනුවර ක්‍රීඩා සමාජය මෙවර තරගාවලියෙන් ඉවත් වීමට ගත් තීරණයත් සමඟින් නව තරග සැලසුමක් එළි දැක්වීමට ශ්‍රී ලංකා රග්බී පාපන්දු සම්මේලනය සහ තරග කමිටුව කටයුතු කළේය. මෙවර තරගාවලියේ දී තමන් සුදුසුකම් ලබන අවසන් පූර්ව තරගය සහ අවසාන මහා තරගය මහනුවර දී පැවැත් වීමට තීරණය කරන ලෙස මහනුවර ක්‍රීඩා සමාජය විසින් ඉල්ලීමක් කර තිබුණු අතර එහෙත් කාරක සභාව සහ ශ්‍රී ලංකා රග්බී පාපන්දු සම්මේලනය සියලු තරග කොළඹ දී පැවැත්වීමට තීරණය කළේය.

එහි ප්‍රතිඵලයක් ලෙස මහනුවර ක්‍රීඩා සමාජය මෙවර තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කළේය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment