මීගොඩ කොල්ලයට ව්‍යාපාරිකයින් තිදෙනෙක් හවුල්

579

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ සිදුවූ කොල්ලය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 5දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් තිදෙනෙකුම ව්‍යාපාරිකයින් බව පොලීසිය පවසයි. ඉන් එක් අයෙකු අදාළ කොල්ලයේ ඔත්තු බැලීමට හවුල් වූ බවට පොලිසිය අනාවරණ කරගෙන තිබිණි.ඔහු තිස්සමහාරාම ප්‍රදේශයේ මිරිස් කුඩු ව්‍යාපාරයක් සහ කායවර්ධන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන බවට පොලිසිය පවසයි.එසේම සිද්ධිය සම්බන්ධයෙන් ඉඹුල්ගම සහ කඩවත ප්‍රදේශවල පදිංචි ව්‍යාපාරිකයින් දෙදෙනෙකුද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා මෙසේ පැවසීය. මේ සැකකරුවන් කිහිපදෙනා සංවිධානාත්මකව කොල්ලකෑම් සිදුකරන බවට පෙනී යනවා. ඒවා නොපෙනෙන ආකාරයට, සමාජයට වසන් වෙන ආකාරයට ඔවුන් යම්කිසි ව්‍යාපාරවල යෙදෙමින්, මිරිස් මෝල් පවත්වාගෙන යමින් කායවර්ධන මධ්‍යස්ථාන පවත්වාගෙන යමින්, අවන්හල් පවත්වාගෙන යමින් යම්කිසි ආවරණයක් ලබාගැනීමට කටයුතු කරන බවත් පේනවා. මේ එක් සැකකරුවෙකුට කඩවත ප්‍රදේශයේ ඔන්ලයින් සාරි අලෙවි කරන ස්ථානයක් පවත්වාගෙන යන බවටත් තොරතුරු තියෙනවා. මේ සම්බන්ධයෙන් තවත් සැකකරුවන් කිහිපදෙනෙක් අත්අඩංගුවට ගැනීමට සිටිනවා. පොලිස් කණ්ඩායම් කිහිපයක් ඒ සම්බන්ධයෙන් මේ වනවිට ක්‍රියාත්මක වනවා. වෙඩික්කරු යම්කිසි ආරක්ෂක අංශයක කාලයක් සේවය කරලා තියෙනවා. ඔහු දැනට ඉවත්කරලා තියෙන පුද්ගලයෙක්. ඒ වගේම මොවුන්ට මේ අපරාධ කිරීම සඳහා ඒ ඒ ප්‍රදේශවල පුද්ගලයින් සිටින බවට දැනට තොරතුරු ලැබිලා තියෙනවා.”

advertistmentadvertistment
advertistmentadvertistment