මුඛ සෞඛ්‍ය ප්‍රවර්ධනයට ලින්ක් සුදන්ත වෙතින් උපාලි පුවත්පත් ආයතනයේ සායනයක්

140

ලින්ක් නැචුරල් ප්‍රොඩක්ට්ස් සමාගම අනුග්‍රහයෙන් ලින්ක් සුදන්ත මුඛ සෞඛ්‍ය ඒකකය පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ සේවක සේවිකාවන්ගේ මුඛ සෞඛ්‍ය ප්‍රවර්ධනය වෙනුවෙන් නොමිලේ දන්ත සායන වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරමින් පවතී. ඒ අනුව පසුගියදා උපාලි පුවත්පත් සමාගමේ සේවක සේවිකාවන් වෙනුවෙන් බ්ලූමැන්ඩල් පිහිටි ප්‍රධාන කාර්යාලයේ සහ හෝමාගම කාර්යාලයේ දන්ත සායන වැඩසටහන් ක්‍රියාත්මක කෙරිණි.

මුඛ සෞඛ්‍ය ප්‍රවර්ධනයට ලින්ක් සුදන්ත වෙතින් උපාලි පුවත්පත් ආයතනයේ සායනයක්

ඉතා සාර්ථකව මෙම වැඩසටහන ක්‍රියාත්මක වූ අතර එහිදී 200 කට අධික සේවක සේවිකාවන් සංඛ්‍යාවක් සේවා ලබා ගත්හ.

නොමිලේ පවත්වන මෙම වැඩසටහන් ඉදිරියේදී ආයතනික මට්ටමින් මුඛ සෞඛ්‍ය නංවාලනු පිණිස දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට ලින්ක් නැචුරල් ප්‍රොඩක්ට්ස් සමාගම බලාපොරොත්තු වේ.

ඡායාරූප-ජූඩ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment