මුදල් ලේකම්ට එරෙහි පෙත්සම් විභාග කල් යයි

110


අධිකරණයට අපහාස කළේ යැයි මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට එරෙහිව ගොනුකළ පෙත්සම් දෙකක් සලකා බැලීම සඳහා මැයි මස 22 වන දා ක්වා කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළේය.

එම පෙත්සම් අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී නීතිපතිවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරය ට අදාළව ලේඛන ගොනුකිරීම සඳහා කල් ලබාදෙන ලෙස ඉල්ලීම් කළේය.

සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් යන මහත්වරු විසින් එම පෙත්සම් ගොනුකර තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment