මුහුණුපොතෙන් හඳුනාගත් බාලවයස්කාරියට අතවර කළ පලාගිය සෙබළා කොටු

87

මුහුණු පොතෙන් හඳුනා ගැනීමෙන් පසු ඇති කරගනු ලැබූ ප්‍රේම සම්බන්ධතාවකින් පසු 15 හැවිරිදි බාලවයස්කාර දැරියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් යුද හමුදාවෙන් පලාගොස් ඇති සෙබළෙකු පෙරේදා (07 දා) අත්අඩංගුවට ගත් බැව් හබරාදුව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 23 හැවිරිදි වියේ පසුවන අයෙකි. මොහු මෙකී බාලවයස්කාර දැරිය සමග මුහුණුපොත හරහා දැන හැඳිනගෙන ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇත. පසුව දෙදෙනාගේ කැමැත්ත මත මොවුන් එකට පදිංචිව සිට ඇති බව පොලිසිය පවසයි. මෙකී දැරියගේ පියා වෙනත් කාන්තාවක් සමග දිවි ගෙවන අතර මව වෙනත් පුරුෂයකු සමග දිවිගෙවන බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. මෙකී දැරියගේ නිවසේ සිට ඇත්තේ දැරියගේ ආච්චි හා සහෝදරයකු වන අතර මෙකී දැරිය මීට වසර 02කට පමණ ඉහතදීත් අතවරයට ලක්ව ඇති බව පොලිසිය පවසයි. ඒ දැරියගේ මිතුරියකගේ මිතුරකු විසින් බවද පොලිසිය පවසයි. ඒ පිළිබඳවද පොලිසිය පරීක්ෂණ පවත්වයි. සැකකරු ඊයේ (08දා) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. හබරාදුව වැඩබලන පොලිස් ස්ථානාධිපති පො.ප. ප්‍රභාත් විතානගේ මහතා ඇතුළු නිලධාරීන් විසින් පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment