මේ වසරේ මැයි මස ඇඟලුම් අපනයන ආදායම සියයට 30කින් ඉහළට

123

පසුගිය වසරේ මැයි මාසයට සාපේක්ෂව මේ වසරේ (2022) මැයි මාසයේදී ඇඟලුම් අපනයන ආදායම සියයට 30 කින් ඉහළ ගොස් ඇත.

මේ අනුව ඇඟලුම් අපනයන ආදායම

පසුගිය වසරට සාපේක්ෂව 2022 මැයි මාසයේදී ඇ.ඩො. මිලියන 446 දක්වා ඉහළ ගොස් ඇත. බලශක්ති සැපයුම සහ භාණ්ඩ ප්‍රවාහන කටයුතුවල සිදුවන අඛණ්ඩ බාධාවීම් හේතුවෙන් කර්මාන්තය අඛණ්ඩව සැලකිය යුතු සීමා කිරීම්වලට මුහුණ දෙමින් 2022 මැයි වන විට මෙම ක්ෂේත්‍රයේ අපනයන ඉපැයීම් සියයට 16 කින් ඉහළ ගොස් ඇ.ඩො. බිලියන 2.2 බවට පත්වී ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ මහ ලේකම් යොහාන් ලෝරන්ස් මහතා පැවසුවේ 2022 අවසන් වන විට කර්මාන්තයේ ඉලක්කය වන ඇමෙරිකානු ඩොලර් බිලියන 6 සාක්ෂාත් කර ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි. “කෙසේ වෙතත් පළමුව අපට ජයගත යුතු අභියෝග තිබෙන බව අප හොඳින් දන්නවා. එබැවින් කර්මාන්තයේ මෙහෙයුම් අඛණ්ඩව පවත්වා ගැනීමට හැකි සෑම සහයෝගයක්ම ලබා දීම වැදගත්” බව ද ඔහු සඳහන් කරයි.

මේ නිසා නොවූ විරූ අභියෝග හමුවේ මෙරට ඇඟලුම් අංශය අඛණ්ඩව සිය අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීමට කැප වන බවට සහතික වෙමින් කර්මාන්තයේ සිටින සියලුම පාර්ශ්වකරුවන් ලබා දුන් කැපී පෙනෙන දායකත්වය ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය ඇගයීමට ලක් කරයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment