මෛත්‍රීගේ රිට් පෙත්සම විභාගයට

43

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව ගොනු කර ඇති පෞද්ගලික පැමිණිල්ලක් බල රහිත කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ ඉදිරියේදී විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද තීරණය කළේය.

එම පංච පුද්ගල විනිසුරු මඩුල්ල සදහා අභියාචනාධිකරණයේ සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවන් පත් කරන බව අභියාචනාධිකරණයේ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා නිවේදනය කර සිටියේය.

එහි අවසන් තීන්දුව දෙන තුරු කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ පවතින පුද්ගලික පැමිණිල්ල කැඳවීමකින් තොරව බහා තබන ලෙස ද කොටුව මහෙස්ත්‍රාත්වරයාට නියෝග කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment