මෝදිට උපන් දින තෑග්ගක් වගේ ක්‍රිකට් ජය නිකම්ම ඉන්දියාවට දීම විශාල සැකයක් – තිස්ස අත්තනායක

149

ආසියානු ක්‍රිකට් කුසලාන අවසන් මහා තරගය පරාජය වීම සම්බන්ධයෙන් ප්‍රේක්ෂකයන්ට විශාල සැකයක් පවතින බවත් තරගය ඉන්දියාවට නිකම් ගෙනිහින් දුන්නා වැනි බවත් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ඊයේ (18දා) පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව ප්‍රකාශ කළේය. එහිදී මන්ත්‍රීවරයා මෙසේද කියා සිටියේය.

“ඇත්තටම මටත් දුකයි. අපිට ඉන් සතුටක් විඳින්න බැරි වුණා. ඉතා කෙටි වෙලාවකින් සම්පූර්ණ තරගයම අවසන්. මේක ඇත්තටම හිතා ගන්න බැරි දෙයක්. ක්‍රීඩාවේ ජය පරාජය දෙකම තිබෙනවා. නමුත් තරග නරඹන ප්‍රේක්ෂකයන්ට නම් මෙය විය නොහැකි පරාජයක්. පළපුරුදු ක්‍රීඩකයන්ගේ කඩුළු මේ ආකාරයෙන් බිඳ වැටුණේ කොහොමද කියන එක ගැන අපිටත් ප්‍රශ්නයක් තිබෙනවා. මීට වඩා අවදානම් තත්ත්වයන්වලදී පිතිකරුවන් කණ්ඩායම ඉදිරියට ගෙන ගියා. නමුත් ඊයේ එහෙම වුණේ නෑ.

ඊයේ මෝදි අගමැතිතුමාගේ උපන් දිනයට ලැබුණු තෑග්ගක් වගෙයි. මේ අපේ බිඳවැටීම ගැන නම් ලොකු කනගාටුවක් තිබෙනවා. ප්‍රේක්ෂකයන් ලොකු සැකයකින් ඒ ගැන කතා කරනවා. තරග පරාජය නිකම්ම කුසලානය ගෙනිහින් දුන්නා වාගෙයි. මේ විදිහට පරාජය වුණු එක ගැන නම් අපෙත් ලොකු කනගාටුවක් තිබෙනවා.
අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment