යුක්තිය පැය 24ට 1422ක් අල්ලයි

62

තිදෙනකු ගැන නීති විරෝධී වත්කම් විමර්ශන

යුත්කිය මෙහෙයුම මගින් පෙරේදා (27දා) මධ්‍යම රාත්‍රියේ සිට ඊයේ (28දා) මධ්‍යම රාත්‍රිය දක්වා සිදුකරන ලද විශේෂ මෙහෙයුමේදී සැකකරුවන් 1422 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. ඉන් සැකකරුවන් 35 දෙනකු සම්බන්ධව රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකෙරෙන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය කියයි.

එහිදී හෙරොයින් ග්‍රෑම් 347ක්, අයිස් 827ග්‍රෑම් ක්, ගංජා කිලෝ 05යි ග්‍රෑම් 475ක්, ගංජා පැළ 6691ක්, මාවා 208ක්, මත්පෙති 3574ක් ද අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් 03 දෙනකු සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන ආරම්භ කර තිබේ. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් 37 දෙනකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත ද යොමු කර ඇත.

ඊට අමතරව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ විශේෂ කාර්යාංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 73 දෙනකු මෙදින මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇත.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment