යුගදනවි ගිවිසුමට එකඟ නොවේ නම් කළ යුත්තේ කැබිනට්ටුවෙන් ඉවත් වීමයි

250
  • නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයේදී කියයි

යුගදනවි තාප විදුලිබලාගාර ගිවිසුම රජය විසින් කි‍්‍රයාත්මක අදියරට ගෙනැවිත් ඇත්තේ කැබිනට් මණ්ඩලයේදී අවස්ථා කිහිපයකදීම සාකච්ඡුාවට බඳුන් කිරීමෙන් අනතුරුව වන බැවින් යම් කැබිනට් සාමාජිකයකු එයට එකඟ නොවන්නේ නම් කළ යුත්තේ කැබිනට් මණ්ඩලයෙන් ඉවත්වීම වන්නේ යැයි නීතිපති සංජේ රාජරත්නම් මහතා ඊයේ (22දා) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේදී ප‍්‍රකාශ කළේය.

එලෙස තවදුරටත් කැබිනට් මණ්ඩලයේ රැුඳී සිටීමෙන් එකී ගිවිසුමට එකඟතාව පළකළා සේ සැලකෙන බවත් එහිදී අගවිනිසුරුවරයා ප‍්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඬුල්ලට පෙන්වා දුන් නීතිපතිවරයා කැබිනට් මණ්ඩලයේ සිටිමින්ම කැබිනට් මණ්ඩලය එකී ගිවිසුම සම්බන්ධයෙන් ගත් තීරණය ප‍්‍රසිද්ධියේ විවේචනය කිරීමෙන් කැබිනට් මණ්ඩල සාමූහික වගකීම් පැහැර හැරීම ඉතා බරපතළ වරදක් බව වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

කැබිනට් මණ්ඩලයේ සාමාජිකත්වය දරමින් සාමූහික වගකීම් පැහැර හැරීම ඉතා වැරදි සහගත බව විදේශ රටවල ශ්‍රේෂ්ඨාධිකරණ මගින් නිකුත් කළ නඩු තීන්දු රැුසක් මගින් පෙන්වා දී ඇතැයි ද නීතිපති සංජේ රාජරත්නම් මහතා අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලූවිහාරේ, පි‍්‍රයන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ හා එල්. ටී. බී. දෙහිදෙණිය යන විනිසුරු මඬුල්ලට පෙන්වා දුන්නේය.

යුගදනවි තාප විදුලි බලාගාරයේ රජය සතු කොටසින් සියයට 40ක් ඇමරිකාවේ නිව් පෝට්ටෙ‍්‍රස් එනර්ජි සමාගමට ලබාදීමට රජය ගත් තීරණය හා එකී ගිවිසුම බලරහිත කරන ලෙස ඉල්ලා ජාතික හිමිකම් සුරැකීමේ සංවිධානයේ සභාපති බෙංගමුවේ නාලක හිමියන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේදී කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා එලෙස ප‍්‍රකාශ කළේය.

එය දේශීය සම්පත් විදේශ රටකට විකිණීමක් ලෙස අර්ථ දැක්වීම ඉතා වැරදි සහගත බවත් එය නිසි කි‍්‍රයාපටිපාටිය අනුගමනය කර අත්සන් කළ වානිජ ගනුදෙනුවක් බවත් එහිදී පැවසූ නීතිපති සංජේ රාජරත්න මහතා ජාතික බලශක්ති වැඩපිළිවෙළ සකස්කරනු ලැබුවේ ද උදය ගම්මන්පිල මහතා බවද ප‍්‍රකාශ කළේය.

එකී ගිවිසුම මගින් කිසිවකුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුනොවන බවත් පෙත්සම්කරුවන් ඇතුළු පාර්ශ්ව ඉදිරිපත් කර ඇත්තේ සැබෑ තත්ත්වය නොවන බවත් පැවසූ නීතිපතිවරයා නීතිමය පදනමක් නොමැතිව ගොනුකර ඇති එම පෙත්සම් තවදුරටත් පවත්වාගෙන යෑමේ හැකියාවක් නොමැති බවත් විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරවම එම පෙත්සම් ප‍්‍රතික්ෂේප කරන ලෙස විනිසුරු මඬුල්ලෙන් ඉල්ලා සිටියේය.

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රමුඛ කැබිනට් මණ්ඩලය, කැබිනට් මණ්ඩලයේ ලේකම්වරයා, ඇමරිකාවේ නිව් පෝට්ටෙ‍්‍රස් එනර්ජි සමාගම, කොළඹ වෙස්ට් කෝස්ට් පවර් පුද්ගලික සමාගම, විදුලිබල අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් එම මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබිණි.

එකී ගිවිසුමට එරෙහිව උදය ගම්මන්පිල, විමල් වීරවංශ හා වාසුදේව නානායක්කාර අමාත්‍යවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයට දිවුරුම් ප‍්‍රකාශ ඉදිරිපත් කර තිබූ අතර ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ද අධිකරණය හමුවේදී කරුණු දක්වා තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment