රටට විනිමය ගෙනෙන ප්‍රසාංගික වැඩක්: අපේ ගී හඬ ‘අක්ෂරය’ සමගින් ලොවපුරා රටවලට

170

“අක්ෂර” සංගීත ප්‍රසංග වැඩසටහන් මාලාවේ අධ්‍යක්ෂක අනිල් ප්‍රසංග

පළමු ගමන ඔස්ට්‍රේලියාවට… කුමාරසිරි, අසංක, ෂර්ලි, චන්ද්‍රසේන එක්වෙති

80 සහ 90 දශකයේ ප්‍රවීණ ගායන ශිල්පීන් සහභාගි කරගෙන පවත්වනු ලබන “අක්ෂර” සංගීත ප්‍රසංගයේ සන්නාමය එළිදැක්වීමේ උළෙල

පසුගිය 26 වැනි දා කොළඹ රාමඩා හෝටල් පරිශ්‍රයේදී සවස 3.30 ට පවත්වනු ලැබුවා. ලෝක ඉතිහාසයේ ප්‍රථම වරට ප්‍රසංගයක් චිත්‍රපටයක් ලෙස එළිදක්වනු ලැබූ අවස්ථාව මෙය විය. සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙසින්ද ප්‍රවීණ කලාකරුවන්ගේ සහභාගීත්වයෙන් ද මෙය පවත්වනු ලැබුවා. මේ එහිදි “අක්ෂර” සංගීත ප්‍රසංග වැඩසටහන් මාලාවේ අධ්‍යක්ෂක අනිල් ප්‍රසංග අපත් සමඟ එළිදැක්වූ අදහසයි.

මම AN එන්ටර්ටේට්මන්ට් ආයතනය නියෝජනය කරමින් දැනටමත් විදේශ විනිමය රටට ගෙනෙන තරුණ තරුණියන් වෙනුවෙන් ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රය මුල් කරගෙන “ද වොයිස් රේන්ජ්” නමින් ගීත ගායන තරගාවලියක් ආරම්භ කරලා තියෙනවා. ඉතිං ඊට අමතරව මම හිතුවා ලංකාවේ ගීත ක්ෂේත්‍රයේ ආරම්භයේ සිටින ප්‍රවීණයින් එකතු කරගෙන “අක්ෂර” නමින් සංගීත ප්‍රසංගයක් විදේශ රටවල්වලදී පවත්වන්න. ඇත්තටම මම මේ “අක්ෂර” කියන නම යොදන්න තීරණය කළේ ගීතය නිර්මාණය වන්නේ අකුරුවලින් නිසා. මේ අකුරු සියල්ල එකට එකතු වුණාම ගීතය සහ සංගීතයත් නිර්මාණය වන තේමාව මුල් කරගෙන තමයි මම “අක්ෂර” කියලා නම යෙදුවේ. ලංකාවේ සිටින ප්‍රවීණ ගායක ගායිකාවන් එකතු කරගෙන රටවල් 12කට මෙම සංගීත ප්‍රසංගය රැගෙන යන්න දැනට සැලසුම් කරලා තියෙනවා. ඉන් පළමු ප්‍රසංගය 2023 පෙබරවාරි 11 වැනිදා සිට ඔස්ට්‍රේලියාවේදී ප්‍රසංග මාලා 06ක් යටතේ පවත්වනවා. ඉන්පසුව නවසීලන්තය, එංගලන්තය, කැනඩාව, ඇමරිකාව, ජපානය, කොරියාව, ඉතාලිය, ප්‍රංශය, ජර්මනිය, ඩුබායි යන රටවල් 12කට මෙම ප්‍රසංගය රැගෙන යන්න නියමිතයි. ඒ රටවල්වල සිටින ශ්‍රී ලාංකීක සංවිධායකවරු සම්බන්ධ කරගෙන තමයි අපේ මේ නිර්මාණය භාර දෙන්නේ ඒ සියලු ප්‍රසංග මාලාවන් සංවිධානය කරන්න.

රටට විනිමය ගෙනෙන ප්‍රසාංගික වැඩක්: අපේ ගී හඬ 'අක්ෂරය' සමගින් ලොවපුරා රටවලට

කුමාරසිරි පතිරණ, අසංක ප්‍රියමන්ත පීරිස්, ෂර්ලි වෛජයන්ත, චන්ද්‍රසේන හෙට්ටිආරච්චි යන ප්‍රවීණයින් තමයි ප්‍රථමයෙන්ම මෙම කටයුත්තට සහභාගී වන්නේ. මෙම ප්‍රසංග මාලාව අපි සැලසුම් කරලා තියෙන්නේ කාණ්ඩ දෙකක් යටතේ අවුරුද්දකට එක රටකට අවස්ථා දෙකකදී යන්නයි. ඉන් පළමු අවස්ථාව ප්‍රවීණයින්ටත්, දෙවන අවස්ථාව ලාංකීය තාරුණ්‍ය හදබැඳගත් තරුණ ගායක ගායිකාවන්ගේ සහභාගීත්වයෙන් පවත්වනවා. ඒ සදහා රොමේෂ් සුගතපාල, තීක්ෂණ අනුරාධ, ආදිත්‍යා වැලිවත්ත, සුපුන් පෙරේරා සහ රූමේන් විල්ස් යන ගායන ශිල්පීන් සම්බන්ධ කරගනු ලැබුවා. ඒ අයගේ ප්‍රසංගය ලබන අගෝස්තු මාසයේදී ඔස්ට්‍රේලියාවෙන් ආරම්භ කර ගමනාන්තය ඩුබායිවලින් අවසන් කිරීමට තමයි දැනට සැලසුම් කරලා තියෙන්නේ.

මේ ප්‍රසංග වැඩසටහන් මාලාව සඳහා ඉතාම නිර්මාණාත්මක අදහස් ලබා දෙමින් සැලසුම් කරන්නේ වැඩසටහන් සම්බන්ධිකාරකවරිය වන රවිදි හෂිනිකායි. ඇයවත් මේ වෙලාවේ විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ. මෙහි තවත් සුවිශේෂත්වයක් තියෙනවා ඒ තමයි අපේ රටට විදේශ විනිමය ගෙනෙන එකම ක්‍රමවේදය තමයි මේ ඉන්න අපේ කලාකරුවන්ට NRFC ගිණුමක් හරහා ඔවුන්ගේ මුදල් ලංකාවට රැගෙන ඒම. මෙතෙක් ලංකාවේ සිටින කලා ක්ෂේත්‍රයේ සියලුමදෙනා විදෙස් සංචාරවලදී උන්ඩියල් ක්‍රමවේදයට අනුව තමයි මුදල් ගෙන එනු ලැබුවේ. නමුත් මේ වැඩසටහන ඔස්සේ ඒ සියලු දෙනාටම භඍත්‍ක්‍ ගිණුම හරහා අපේ රටට විදේශ විනිමය රැගෙන එන්නත් අවස්ථාවක් ලැබිලා තියෙනවා.

ඇත්තෙන්ම මම මේ සංගීත ප්‍රසංගය නිර්මාණය කරන්න තීරණය කළේ මේ කාලවකවානුවේ 80 සහ 90 දශකයේ අපේ රටේ සිටින ප්‍රවීණයන් මගහැරලා අපේ යෞවන ගායන ශිල්පීන්ට යම් තැනක් ලැබීගෙන යන නිසයි. යෞවනයින්ට ඒ තැන ලැබෙන එක හොඳයි. නමුත් අපේ ප්‍රවීණයින්ගේ ආභාශය සහ ආශිර්වාදයත් අපිට ලැබිය යුතුයි. මොකද අපි ප්‍රවීණයන් එක්ක බද්ධවෙච්ච ප්‍රවීණයන්ගේ ගීත රසවිඳපු කොට්ඨාසයක්. ඉතිං මම කැමතයි ඒ රසය නව පරපුරටත් ලබා දෙන්න. ඒ නිසාවෙන්ම තමයි මෙම වැඩසටහන ප්‍රවීණයින්ගෙන්ම ආරම්භ කරන්න හිතුවේ. ඒ වගේම මේ සෑම සංගීත ප්‍රසංගයක්ම ජාතික රූපවාහිනී නාලිකාව ඔස්සේ සියලුම ලාංකීය ප්‍රේක්ෂකයින්ට නැරඹීමේ අවකාශයකුත් අපි සැලසුම් කරලා තියෙනවා.

● පාරමී කෞෂිකා
ඡායාරූප – නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment