රටේ පවුල් ලක්‍ෂ 31ක් ණයයි – ලක්ෂ 7ක්ම ණය ගෙන ඇත්තේ කෑම වෙනුවෙන්

140

මහාචාර්ය වසන්ත අතුකෝරල

මෙරට පවුල් ලක්ෂ 31 කට ආසන්න සංඛ්‍යාවක් ණයගැති භාවයෙන් පෙළෙන බවත්, ඉන් ලක්ෂ 07 කට ආසන්න සංඛ්‍යාවක් ණය ලබාගෙන ඇත්තේ එදිනෙදා ආහාර වෙනුවෙන් බවත්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාත අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසයි.

මෙම තත්ත්වය යටතේ අධ්‍යාපනයෙන් සහ සෞඛ්‍යයෙන් අඩු දරු පරපුරක් බිහිවීම ඇතුළු කරුණු ගණනාවක් අනාගතයේදී මතුවිය හැකි බැවින් රජය වහාම ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතු බව ඊයේ (08 දා) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේය.

ණය ගැති භාවයෙන් පෙළෙන පවුල් ලක්ෂ 4කට ආසන්න පිරිසක් ණය ලබාගෙන ඇත්තේ ණය ආපසු ගෙවීමට බව පැවසූ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ඔවුන්ගේ ආර්ථිකය ඉතා දුර්වල මට්ටමක පවතින බව කීය. තවත් පවුල් ලක්ෂ 10ක් ණය ලබාගෙන ඇත්තේ සිය රන් ආභරණ උගස් කිරීමෙන් බවත්, එම පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනය සහ සෞඛ්‍යය බිඳ වැටීමෙන් අනාගතයේදී විශාල මන්දපෝෂණ තත්ත්වයක් වර්ධනය විය හැකි බැවින් රජය වහාම මේ සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතුව ඇතැයි ද මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා වැඩිදුරටත් කියා සිටියේය.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment