රට යන අයට අනිවාර්ය කහ උණ එන්නත රටේම නෑ – වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෘත්තීය සමිති සන්ධානය

92

විදේශ ගත වන ශ්‍රී ලාංකිකයින් අනිවාර්යයෙන් ලබා ගත යුතු කහ උණ එන්නත (yellow fever) මේ වන විට රට තුළ නොමැති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි.

ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසිවලට අනුව මෙරට පුද්ගලයින් විදෙස් ගතවීමේදී එම එන්නත ලබා ගත යුතුව ඇතත් රට තුළ එම එන්නත නොමැතිවීමෙන් කහ උණ වසංගතය පවතින රටවල සංචාරය කිරීමෙන් රෝගයට ගොදුරුවීමේ ඉහළ ප්‍රවණතාවක් පවතින බවද එම සන්ධානය පෙන්වා දෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ රෙගුලාසිවලට අනුව කහ උණ රෝගය වළක්වා ගැනීම අත්‍යවශ්‍ය වගකීමක් වන අතර එම තත්ත්වය පාලනය කිරීම සඳහා eliminating yellow fever epidemic eye හෙවත් 2026 නම් වූ ජාත්‍යන්තර ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෑම සාමාජික රටක්ම එම ව්‍යාපෘතියට අනුගතව ක්‍රියා කළ යුතුව තිබේ.

බොහෝ අංශයන්හී දුර්වලතා පැවතීම හේතුවෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් විශාල අපකීර්තියට පත් විය හැකි බවද විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment