මේ වසරේ රට පුරාම ඩෙංගු මරණ 38ක්

33

මෙම වසරේ මේ දක්වා දිවයිනේම ඩෙංගු රෝගීන් හැටඑක්දහස් පන්සිය හැත්තෑවක් (61,570) වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එසේම, එම කාලය තුළ ඩෙංගු මරණ 38 ක් වාර්තා වී ඇතැයි ද එම ඒකකය සඳහන් කරයි.

ඉන් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් බවත් එම සංඛ්‍යාව තිස් දහස් අනූහතක් (30,097) බවත් එම ඒකකය කියයි.

මේ වනවිට ඩෙංගු අධි අවදානම් කලාප 28 ක් හඳුනාගෙන ඇතැයිද එම ඒකකය පවසයි.

මෙම වසරේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ මැයි මාසයේ දී වන අතර එම සංඛ්‍යාව නවදහස් හයසිය අනූහයකි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment