ඉන්දියාව කැනේඩියානු ජාතිකයන්ගේ වීසා අත්හිටුවයි

756

දැනටමත් පළුදු වී ඇති ඉන්දියාව හා කැනඩාව අතර පවතින, රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් පළුදු කරමින් ඉන්දියාව කැනේඩියානු ජාතිකයන්ට වීසා නිකුත් කිරීම නතර කර ඇති අතර කැනේඩියානු අගමැති ජස්ටින් ටෲඩෝ නැවතත් සීක් අන්තවාදී නායක නිජ්ජාර් ඝාතනය කිරීම පිටුපස ඉන්දීය නියෝජිතයන් සිටින බව අවධාරණය කර තිබේ.

කැනේඩියානු අගමැති ටෲඩෝ විසින් ඉකුත් සඳුදා එරට පාර්ලිමේන්තුවේදී ඉන්දියාව සීක් අන්තවාදී නායක හර්දීප් සිං නිජ්ජාර් ගේ ඝාතනය පිටුපස සිටින බවට චෝදනා කිරීමෙන් අනතුරුව දෙරටම එකිනෙකාගේ රටවල, සිටින ඉන්දීය හා කැනේඩියානු තානාපති කාර්යාල නිලධාරීන් දෙදෙනකු රටවලින් නෙරපා තිබිණි. මෙම වාතාවරණය තවත් නරක අතට හරවමින් ඉන්දීය රජය පෙරේදා (21) දිනයේ කැනේඩියානු ජාතිකයන්ට වීසා නිකුත් කිරීම නැවත දැනුම් දෙන තෙක් නතර කිරීමට පියවර ගත්තේය. මෙවැනි තත්ත්වයක් පැවතියදී කැනඩා අගමැති ටෲඩෝ ඊයේ (22) දිනයේ නැවත ප්‍රකාශ කර සිටියේ කැනඩාවේදී ඝාතනය වූ සීක් අන්තවාදී නායකයාගේ මරණය පිටුපස ඉන්දීය ඒජන්තවරුන් සිටින බව විශ්වාස කළ හැකි හේතුන් පවතින බවයි. ඉන්දියාව කැනේඩියානු අගමැතිවරයාගේ චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ. අර්බුදයට හේතු වී සිටින අන්තවාදී සීක් නායක හර්දීප් සිං නිජ්ජාර් කැනඩාවේ බි්‍රට්ෂ් කොලොම්බියා පළාතේ, සරේ ප්‍රදේශයේ පිහිටි සීක් පල්ලියක් ඉදිරිපිටදී ඉකුත් ජුනි 18 වැනිදා ඝාතනය වී ඇත්තේ මුහුණු ආවරණය කළ පුද්ගලයන් දෙදෙනකු විසින් තැබූ වෙඩි පහරවලිනි.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment