රත්තරන් පොරෝගෙන එන අයට සියඹලාපිටිය නීතිය පෙන්වයි

435

ජාවාරම් කිරීමේ අරමුණෙන් ප්‍රමාණය ඉක්මවා රන් භාණ්ඩ පැළැඳ පිටරට සිට මෙරටට පැමිණෙන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා වහාම පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

මෙලෙස රන් භාණ්ඩ පැළඳ ඒම හේතුවෙන් මසකට ඇමෙරිකානු ඩොලර් මිලියන 30 ක් පමණ ආදායමක් රටට අහිමි වන බව ඇමැතිවරයා පෙන්වා දෙයි.

දැනටමත් මෙම ජාවාරම්කරුවන් හඳුනාගැනීම සිදු කර ඇති බවත් කඩිනමින් ඒ සඳහා අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවත් පවසන ඇමැතිවරයා මේ හේතුවෙන් සාමාන්‍ය මගීන්ට කිසිදු අසාධාරණයක් සිදු නොවන බවද සඳහන් කරයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment