සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහිකළ සුපිරි ජයග්‍රාහකයන්ට චෙක්පත් ප්‍රදානය කෙරේ

83

සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය ජාතික මෙහෙවර ඉටු කරමින් අලොතරැයි පත් අලෙවිය හරහා පාරිභෝගික ජවතාවව හට ජයග්‍රහණය ලබාදීමට අමතරව ජනාධිපති අරමුදල හරහා අසාධ්‍ය රෝගවලින් පෙලෙන හදවත් රෝගීන්ගේ සහ සංකීර්ණ සැත්කම් වෙනුවෙන් ප්‍රතිකාර සඳහාත් මහපොළ උසස් ශිෂ්‍යත්ව අරමුදල පෝෂණය කිරීමට අරමුදල් බැර කරන ප්‍රධානතම රාජ්‍ය ආයතනය වන බව සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති, ප්‍රධාන විධායක නිලධාරි අජිත් ගුණරත්න නාරගල මහතා පැවසීය.

සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් බිහිකළ සුපිරි ජයග්‍රාහකයන්, විසිපන් ලක්‍ෂපතියන්, විසි ලක්‍ෂපතියන් සහ දශ ලක්‍ෂපතියන් හතළිස් අටදෙනකු සඳහා ඊයේ (15වැනිදා) සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ පැවති චෙක්පත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහිකළ සුපිරි ජයග්‍රාහකයන්ට චෙක්පත් ප්‍රදානය කෙරේ

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි අනුර ජයරත්න මහතා ඇතුළු ඉහළ කළමනාකාරීත්වය මෙම අවස්ථාවට එක්ව සිටියහ.

සටහන හා ඡායාරූප – සුජාතා ජයරත්න

advertistmentadvertistment
advertistmentadvertistment