රත්නපුරෙන් හමුවූ පුෂ්පරාග උඩවැඩියාව

202

ශ්‍රී ලංකාවට ආවේණික නව භෞමික උඩවැඩියා ශාක විශේෂයක් රත්නපුර දිස්ත්‍රික්කයේ වලංකන්ද ප්‍රදේශයෙන් සොයාගැනීමට පර්යේෂකයන් පිරිසක් සමත් වී ඇත.

පේරාදෙණිය උද්භිද උද්‍යාන ශාකාගාරයේ හිටපු නිලධාරියකු වන ආචාර්ය උපාධි අපේක්‍ෂක, භාතිය ගොපල්ලව මහතා සහ රජරට විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අපේක්‍ෂකයකු වන අමිල පෙරේරා යන අය 2021 වර්ෂයේ දී සිදුකළ අධ්‍යයනයක දී පළමු වරට මෙම ශාක විශේෂය හඳුනාගැනීමට හැකි විය.

උඩවැඩියා විශේෂ අතරින් භෞමික උඩවැඩියා විශේෂයක් වන මෙම ශාක විශේෂය පරපෝෂී (Holomycotrophic) ශාක විශේෂයකි. මෙම නව උඩවැඩියාව පුෂ්පරාග නමින් හදුන්වා ඇත. මෙහි ශාක පත්‍ර දක්නට නොලැබෙන අතර පොළොව අභ්‍යන්තරයේ පවතින රෛසෝමයක් මගින් මලක් පමණක් හට ගන්නා අතර එය සෙන්ටිමීටර් කිහියක විශාලත්වයෙන් යුක්ත වේ. මේ පිළිබඳ පාර්යේෂණ පත්‍රිකාව එළිදැක්වීම සඳහා භාතිය ගොපල්ලව හා අමිල පෙරේරා යන පර්යේෂකයන් සමග මහාචාර්ය දීපානි යකන්දාවල, ඉන්දකීල මාදොල, හර්ෂ සම්පත් ජයතිලක, වෛi පන්කාජ් කුමාර් යන කණ්ඩායමේ සහය ලැබී ඇත.

කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment