රමියා චෙක් පොයින්ට් හැර යයි

148

කතන්දරවලින් මාව වට්ටන්න බැහැ

වොයිස් වේදිකාවේ කිරුළ දිනාගත්තු ‘රමියා. එහෙමත් නැත්නම් රමේෂ් ශෂින්ත ගැන මේ දවස්වල විවිධ කතන්දර පැතිර යනවා. ඇත්තටම රමියා චෙක්පොයින්ට් බෑන්ඩ් එකෙන් ඉවත්වෙලාද? ගමේ යාළුවෝ අමතක කරලද? කොටින්ම මුල අමතක කරලද? එක එක්කෙනා කියන කතන්දර අහන්නේ නැතිව රමියාගේ කතාව කියවලා බලන්නකො. මොකද ඒ ප්‍රශ්න සියල්ලටම උත්තර මේ කතාව ඇතුළේ තියෙනවා.

● රමියා මොකද වෙන්නේ?

මේ දවස්වල මගේ අලුත්ම ගීත කිහිපයක් නිර්මාණය කරගෙන යමින් ඉන්නේ. එහෙම කරපු නිර්මාණය කිහිපයක් පසුගිය දවස්වල එළියට දැම්මා.

රමියා චෙක් පොයින්ට් හැර යයි

● ප්‍රසංග වේදිකාවේදී ලැබෙන ප්‍රතිචාර කොහොමද?

පටන්ගත්තු දවස්වල ලැබුණු ප්‍රතිචාර අදටත් ඒ විදියටම තියෙනවා. එකම රසික පිරිසකට කොටුවෙලා නැහැ. වයස් බේදයකින් තොරව රසිකයන් මගේ සින්දු අහනවා.

● රෙගේ කිව්වම කට්ටිය රමියාට ආදරෙයි?

ඔව්. ඇත්තටම මම කැමති රෙගේ ස්ටයිල් එකට වුණාට වෙන වෙන ශෛලියේ ගීත ගායනා කරන්න පුළුවන් හැකියාව මට තියෙනවා.

● චෙක් පොයින්ට් බෑන්ඩ් එකෙන් අයින් වුණ කතාව ඇත්තද?

ඔව් මම චෙක් පොයින්ට් බෑන්ඩ් එකේ සාමාජිකත්වයෙන් ඉවත් වුණා.

රමියා චෙක් පොයින්ට් හැර යයි

● ඇයි ඒ?

මොකද මගේ පෞද්ගලික ජීවිතයේ වැඩ නිසා බෑන්ඩ් එකේ පුහුණුවීම්වලට යෑම අතපසු වෙනවා. මම චෙක් පොයින්ට් බෑන්ඩ් එකත් එක්ක ඉදිද්දි ඔවුන්ට මගේ උපරිම දායකත්වය ලබාදීලා බෑන්ඩ් එක උඩටම අරගෙන ආවා. වොයිස් වේදිකාවේදී පවා ඔවුන් ගැන කියලා ඔවුන්ව රටටම අඳුරගන්න සැලැස්සුවා. මම හිතනවා මම බෑන්ඩ් එක වෙනුවෙන් ගොඩක් වැඩ කටයුතු ටිකක් කරලා දුන්නා කියලා. මේ වේදිකාව අපිම රජ කරගෙන ඉඳලා හරියන්නේ නැහැ. නවකයන්ට අවස්ථාව ලබාදෙන්න ඕනෑ.

● රමියා ඉවත්වෙනකොට බෑන්ඩ් එකේ අය මොනවද කිව්වේ?

බෑන්ඩ් එකේ අය එහෙම ලොකු දේවල් කිව්වේ නැහැ. මොකද ඒගොල්ලෝ දන්නවා මගේ හැටි. අනික මම එක තැනක රැඳෙන්න කැමැති පුද්ගලයෙක් නොවෙයි කියලත් ඒගොල්ලො දන්නවා.

● බෑන්ඩ් එකත් එක්ක සින්දු කියන්න ආරාධනාවක් ලැබුණොත් යනවද?

අනිවාර්යයෙන්ම ඔව්. බෑන්ඩ් එකේ සියලුම වැඩවලට පූර්ණ සහයෝගය දෙනවා. චෙක් පොයින්ට් කියන්නේ රෙගේ මියුසික් වෙනුවෙන් මහන්සි වුණ බෑන්ඩ් එකක්. ඒ වගේ සංගීත කණ්ඩායමක් මම ඔහේ අතහැරලා දාන්නේ නැහැ. ඒකට මගේ හදවතින්ම උපරිම සහයෝගය දෙනවා. එතැනට අලුත් කෙනෙක් පැමිණිය යුතුයි. මගේ අදහස ඒක තමයි.

● රමියා තනි ගමනක් යන්නද සූදානම?

මම අතීතයේ ඉඳලා තනි ගමනක් තමයි ගියේ. චෙක් පොයින්ට් බෑන්ඩ් එක මට මුණ ගැහෙන්නේ 2022 වසරේදී. ඒ වෙද්දීත් මම මගේ අලුත් ගීත කිහිපයක් නිර්මාණය කරලත් ඉවරයි. මගේ ගීත ඕනෑම වෙලාවක ප්ලේ කරන්න කියලා ඒ ගොල්ලන්ට කියලා තියෙනවා.

● මේ දවස්වල ප්‍රසංගවලට ලැබෙන ආරාධනා එහෙම කොහොමද?

මම එකොස්ටික් මියුසික් පැත්ත විතරයි කරන්නේ. මොකද මගේ අතීතයේදී ගොඩක් බෑන්ඩ්වල ඔඩිෂන් ගිහිල්ලා තිබෙනවා. නමුත් ඒ බෑන්ඩ් එකකින්වත් මාව භාරගත්තේ නැහැ. ඒ ගොල්ලෝ මගේ ඇඟ ඇතුළේ තිබෙන ආර්ට් එක දැක්කේ නැහැ. ගොඩක් එකොස්ටික් බෑන්ඩ් තමයි මගේ ලයිෆ් එකේ මට ඉස්සරහට යන්න අත දුන්නේ.

● රමියා ජීවිතය ගැන මොකද හිතන්නේ?

මගේ ජීවිතයේ ආපස්සට හැරිලා බලද්දි ගොඩක් සතුටුයි. මොකද මම මාර කට්ටක් කාලා ආවේ. ඒ කට්ට ඇතුළේ දුක කියන දේ කරදර කියන දේ මාර විදිහට මික්ස් වෙලා තිබුණා. හිතට ශක්තියක් දෙන දේවල් ඒ කට්ට ඇතුළේ මික්ස්වෙලා තිබුණා. ඉතිං ඒ කට්ටට මම මාර ආසයි. ඒ කට්ට විඳලා තිබූ හින්දනේ අදටත් මගේ හිතට එකඟව හරි තීරණ අරගෙන මම ඉස්සරහට යන්නේ. මගේ ෆැමිලි එකත් එක්කයි මම තවම ඉන්නේ.

● කළුවාමෝදර පරණ යාළුවෝ ටික අමතක කළා කියන්නේ ඇත්තද?

අනේ එහෙම නැහැ? අදටත් මම ගියහම මොරගල්ල වෙරළ තීරයේ සහ කළුවාමෝදර” බෙන්තර ඒ හැම තැනටම ගිහිල්ලා කතාබහ කරලා එනවා. මිනිස්සු එක එක කතා කියනවා. ඒක ඒ ගොල්ලන්ගේ මානසික මට්ටම. අපි දන්නවා අපි ගෙවන ජීවිතය මොකක්ද කියලා.

● රමියා පදිංචියත් වෙනස් කළාද?

අනේ පදිංචිය වෙනස් කළේ නැහැ. මම කලින් ඉඳපු නිවසේමයි ඉන්නෙ. මගේ වටේ ඉන්නෙ කලින් ඉඳපු යාළුවෝමයි. මම තවමත් ෆැමිලි එකත් එක්ක ඉන්නේ. පෞද්ගලික ජීවිතේ කිසිම වෙනසක් වෙලා නැහැ.

● විවිධ කතා පැතිරීම ගැන මොකද හිතෙන්නෙ?

මම නම් හිතන්නේ පැතිර යන කතා ඒගොල්ලන්ගේ මානසික මට්ටම අනුව හිතන දේවල් නේ. මොකද ලංකාවේ ටේ‍රන්ඩ් එක තමයි තමන්ගේම එකෙක් උඩට යද්දී එහා පැත්තේ ඉන්න තමන්ගේම කට්ටියට බලාගෙන ඉන්න බැරි වෙනවා. දන්නේ නැති කට්ටිය ඒ ගොල්ලන්ගේ මානසික මට්ටම් සමාජ මාධ්‍ය හරහා නිරූපණය කරනවා. ඒ කියන්නේ ඒකෙන් පිළිබිඹු වෙන්නේ තව කෙනෙක් උඩට යනවාට කැමති නැති කොට්ඨාසයකුත් ලෝකයේ ඉන්නවා කියන එකනේ. ඕක අපිට අලුත් දෙයක් නොවෙයි. අපි ඒක දැනගෙන ජීවිත්විය යුතුයි. ඒක හින්දා ඒ කතා ගැන මම වොරි වෙන්නේ නැහැ. මම දන්නවා මම කරන්නේ හරි දේ කියලා.

● ඔබව කතන්දරවලින් වට්ටන්න අමාරුයි?

ලොවෙත් වට්ටන්න බැහැ. එදත් එහෙමයි අදත් එහෙමයි.

● ඉස්සරහට තිබෙන සැලසුම් මොනවාද?

මගේම කියලා නිවසක් තනාගන්න තමයි මෙච්චර කල් ට්‍රයි කළේ. සංගීතය වගේම මේ හැම දෙයකම පිටුපස කතාව තමයි මගේම කියලා නිවසක් තනාගන්න එක මගේ ෆැමිලි එක වෙනුවෙන්.

● ඒ දවස්වල වැල්ලට බැහැලා සින්දු කිව්වෙම තමන්ටම කියලා ගෙයක් හදාගන්නද?

අනිවාර්යයෙන්ම ඔව්. එහෙම දෙයක් කරගෙන සංගීතය පැත්තෙන් යමක් කරන්නත් ඕනෑ.

● පවුලේ විස්තර?

මමයි” අම්මයි” මල්ලිලා දෙන්නයි. අක්කා විවාහකයි.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment